(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් , අයිස් හා මත්පෙති පානය තදින්ම ඇබ්බැහි ව සිටි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස 6 පුනරුත්ථාපනය සදහා කන්දකාඩු රැඳවුම් මධ්‍යස්තානය වෙත යොමුකරන ලෙසට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (22) ලෙසට නියෝග කළේය.
මෙලෙස පුනරුත්ථාපනය සදහා යොමු කළේ කොළඹ ජාතික රෝහලේ නඩත්තු අංශයේ සේවයෙන් සහ සු`ථ සේවකයෙක්, සහ ඔවුන් සමග එක්ව මත්කුඩු පානය කිරීමේ නිරත මිතුරන් දෙදෙනෙකි.
බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා අධිකරණ හමුවේ කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට නියම කළේය.
මෙම සැකකරුවන් සියලු දෙනා වනාතමුල්ලේ පදිංචිකරුවන් බවත්,, ඔවුන් සමුහයක් වශයෙන් එක් වී මත්කුඩු පානය කරන පුද්ගගයන් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින මෙම පුද්ගලයන්ගෙන් සමාජයට විශාල තර්ජනයක් බවත් ,, ඔවුන් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසට පොලිසිය අධිකරණය හමුවේ කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මාස 6 ක පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට නියෝග කළේය.
බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විනානගේ මහතා පැමිණ’ල්ල මෙහෙයවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් රාජ්‍ය සේවයේ නම් සේවයෙන් පහකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තියෙන බව අදාල ආයතනයේ බලධාරීන් නොදන්නා බවක් පේනවා... මෙහෙම වෙන්නේ දේශපාලුවන් හිතවතුන්ගේ නම් ලැයිස්තු යැව්වාම කිසිම පුහුණුවක් නොදී සේවයේ යෙදවීම නිසා කියලා කියන්න පුළුවන්...
වෛද්‍ය බෙල්ලන මහතා කී දේ වැරැදිද?