IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මතට ඇබ්බැහි වන කතුන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

(අංජුල මහික වීරරත්න)       

  මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන  බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

පුනරුත්ථාපන කාර්යාංශ හා දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබදව අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

විශේෂයෙන් මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීම සඳහා නේවාසික මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී  අවධානය යොමු විය.

පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට පහසුවෙන් යොමු විය හැකි පරිදි එම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, එහි පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානයේ  පිහිටුවීමටත්, සුදුසු ප්‍රදේශ තෝරා ගැනීමෙන් පසුව සෙසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් මෙහිදී තීරණය විණි.



අදහස් (0)

මතට ඇබ්බැහි වන කතුන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site