
(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 870 ක් සමඟ බන්ධනාගාර ජේලර්වරයකුව අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ පුත්තලම ඒකකය පවසයි.
එම ඒකකයේ නිළධාරීන්ට ලැබුණු පුද්ගලික ඔත්තුවක් මත දීර්ඝ කාලයක් කළ විමර්ශණ වලින් පසුව අද (19) අලුයම පුත්තලම විල්ලු වත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මත් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටි දෙවැනි පෙළ ජේලර්වරයකු වූ 32 හැවිරිදි කොච්චිකඩේ - වැලිහේන පදිංචිකරුවෙකි.
සැකකරු පැමිණි බව කියන යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුගේ අනියම් බිරිදක් වන පුත්තලම බන්ධනාගාරයේ සේවය නියතු පුත්තලම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් ඇය හමුවීමට පැමිණෙන අතරතුර මෙම හෙරොයින් ජාවරමද සිදු කර තිබේ.
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් යතුරුපැදිය අනියම් බිරිඳගේ බවට තහවුරු කර ගෙන ඇති බවත් , හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ ජේලර්වරයා විවාහ වී සිටින්නේ පොලිස් දෙපාර්තුමේනතුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේනතුවේ පොලිස් පරීක්ෂක නිළධාරිනියක සමඟ බවත් දැනට කරුණු අනාවරණය කර ඇත.



(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය බෙදාහැරීමට නියම ක්‍රමය තමයි රජයේ ආරක්ෂක නිලධාරීන් යොදාගැනීම...