
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර වෙල සඳහා මෙතෙක් අය කෙරුණේ රුපියල් 450 කි.
එසේම පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් මෙතෙක් අය කෙරුණු රුපියල් සීයක ගාස්තුව රුපියල් 600 ක් ලෙසත් රුපියල් 300ක් ලෙස පැවැති දිවා ආහාර වේල රුපියල් 1200ක් ලෙසත් ඉහළ දමා ඇත
මෙයට අමතරව රුපියල් 50ක් ලෙස පැවැති තේ එකක මිල රුපියල් දෙසීයක් දක්වාත් ඉහළ දමා ඇත.
මෙම නව මිල ගණන් ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කළ බව එම කමිටු ආරංචි මාර්ග සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප සොයා බලා පරීක්ෂාකර දෙනතුරු නොගෙන බැංකුවේ තැන්පත් කරන අයට දැන්නම් ඒක අතටම ගන්න වෙනවා. එහෙම නැත්නම් අවට පරිසරයෙන් සොයාගන්නම වෙනවා. එක් අතකින් බලනවිට වරදකුත් නැහැ පැමිනීම වෙනුවෙනුත්, දිනකට දෙතුන් දාහක් ලැබෙනවාලුනේ...!
හොඳ දෙයක්. බඩජාරී කමට කෑවා... මදිවෙලා ගෙවල් වලටත් අරන් ගියා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු විපක්ෂයේ අයට නම් දුක ඇති...!
බලාගෙන ගියාම, පහුගිය කාලේ අපි අඩු ගානට කන්න දීලා පෝෂණය කරලා තියෙන්නේ තඩි ඌරෝ රැළක්නේ...!
පව් අප්පා මාස දෙකක් දන්සල් බත් කාපු අයට වෙච්චි දෙයක්...
මේවා නම් රටේ ආර්ථිකයට දැනෙන දේවල් නෙමෙයි. අර මහ පරිමාණ හොරු ටික අල්ලන එක ඊට වඩා වැදගත්!
මාරයි නේ ගණන් ඉහළ ගිය හැටි. සාමාන්‍ය ජනතාවගේ කෑම බීම ඉහළ යන හැටි දැකලා දුක හිතුණ මාලිමාව. දියවන්නා රංචුවගෙත් කෑම ඉහළ දැමීම සාධාරණයි. දැන් ඉතිං දියවන්නාවේ පිනට වගේ ගොස්තර පුරව ගත්ත රංචුවම හිටන් මහත්තයා වගේ හාමිනේ හදලා කෙහෙල් කොළේ ඔතන් ආපු බත් ගෙඩිය වගේ කරයි. බත් කාලා ඉවර වුණාම මදිනම් මේ මිහිහරකුන්ට කන්න කෙහෙල් කොළොත් තියෙනවා නේ. කාලා වරෙන්කෝ දැන්.
පසුගිය සතියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත බහුතර ජෙබියෝ විසින් ගිල දැමූ නොමිලේ ආහාරවල මිල වැඩි කිරීමට ජෙබ්බයියෝට සිදුවිය. නැත්තම් මේ කතා කරන වැඩකට නැති මෝඩයෝ එහෙම කරන්නේ නැහැ. දැන් ජෙබ්බයියෝ උන්ටම තිත්ත න්‍යාය මතක් කරලා.
බද්‍රානි පූම් වෙලා.
මාලිමා රජයක් ආව නිසා හොඳයි, නැත්නම් අර තට්ටු මාරු ක්‍රමෙට හිටපු උන් තවමත් අපිව හූරන් කනවා.
කවුරු හෝ මංත්‍රී කෙනෙක් ගමේ අහිංසකයෙක් කනවා වගේ පාන් භාගෙකින් හා පරිප්පු දීසියකින් උදේ ආහාරය ඉල්ලුවොත් හෝ ලුනු මිරිස් සමග කිරිබත් කෑලි දෙකක් කෑවත් උදේ කෑමට 600/=ක් ගන්නවද .එහෙම නැත්නම් මංත්‍රීලා සදහා කෑම දෙන්නෙ ෆැකේජ් එකකටද .
විධායක ශ්‍රේණිය ඇවිල්ලා අමුතු කට්ටියක්ද?
අමතක කරන්න එපා.,, මෙම ජාත්‍යන්තර බුෆේ දිවා ආහාරය සහ ඉහළ තේ, කට්ටල මෙනුවෙන් දිවා ආහාරය නොවේ. එබැවින් එය වෙළඳපල අනුපාතයට සාපේක්ෂව තවමත් ඉතා අඩුය. නැවතත්, මෙම පිරිවැය වසන් කිරීම සඳහා, රජයේ නිලධාරීන්ට සහන අනුපාතිකය අඛණ්ඩව ලබා දීමෙන් රජය විසින් කරන ලද උපක්‍රමයකි.
අනේ අපිට නම් පාර්ලිමේන්තුවේ කෑම එක කොච්චර ගනං ගියත් කමක් නැ! ප්‍රශ්නේ තියෙන්නේ රටේ බහුතරය එදි නෙදා විඳින දුක මේ ආණ්ඩුව තේරුම් ගන්නේ නැති එකයි!