
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හැඳ සිටි සරමේ රහස් සාක්කුවක සඟවා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.
එම සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 13 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 06 ක් පොලිස් භාරයට ගෙන ඇත. බණ්ඩාරගම පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු ඇතුළු නිලධාරීන් අපරාධ මැඩලීමේ රාජකාරී යෙදී සිටියදී පානදුර දෙස සිට පැමිණි මෙම සැකකරු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි සරමේ රහසිගතව මැසු සාක්කුවක සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
සැකකරු මත්ද්‍රව්‍ය තොග වශයෙන් රැගෙන ගොස් කුඩා පැකට් වලට අසුරා අලෙවි කිරීමේ ජාවාරම සිදු කරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම හාල්මැස්සෝ නොවේද? අඩුම තරමේ සාලයෙක් හුරුල්ලෙක්වත් ඔය මිනිසුන්ගෙන් තොරතුරු අරගෙන අනාවරණය කර ගන්න බැරිද?