
(රෝෂන් තුෂාර)
මත්ද්‍රව්‍ය කිලෝ 210ක් ඩුබායි සිට ආනයනය හා ජාවාරම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට මාස 08ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තංගල්ලේ ළහිරු රසාංග නමැති ස්කීපවරයා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
බහුදින ධීවර යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝ 171 සහ හසිස් කිලෝ 31ක් මෙරටට ආනයනය කළ තංඟල්ලේ ධීවරයෙන් පස්දෙනකුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 23 වෙනි දින සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුට එරෙහිව මෙතෙක් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් මුදා හැරීමට නියෝග කෙරිණි .
හෙරොයින් ආනයනය කිරීමේදී අත්අඩංගුවට පත් සැකකාර ධීවරයන්ට එරෙහිව මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කරන විමර්ශන සඳහා සහාය පළ කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා මුදා හැරී පුද්ගලයාට තරයේ අවවාද කරමින් දන්වා සිටියේය.
සාක්ෂි නොමැති හෙයින් මුදාහැරිය ද ඉදිරි විමර්ශනයකදී සාක්ෂි අනාවරණය වුවහොත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් ධීවර යාත්‍රාවේ සැටලයිට් දුරකථනය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී තංගල්ල තැපැල් කාර්යාලය අසලදී සැකකරු අත්අඩංගුවට පත් වූ බව කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේගෙ හැටි අපි දන්නවානේ...