
( කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ගංජා කිලෝ ග්‍රෑම් 66 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ද සැකකාරිය සන්තකයේ තිබී හමු වූ බවද එම බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේරල ගංජා වලින් විශාල මුදලක් උපයා ගන්නවා ලංකාවේ ගංජා තවමත් තහනම් මෙවා නිදහස් කළෙත් ලංකාව ගොඩ