IMG-LOGO

මත් කුඩු සමඟ පාතාල සාමාජිකයෝ දෙකක් මාට්ටු

(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ විජේසිංහ)

දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25)ඇල්පිටිය  මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි .

මේ සැකකරුවන් දෙදෙනා ළග තිබී මත් කුඩු ග්‍රෑම් තිස්හයක් බර මත් කුඩු පැකට් 192ක් සොයාගත් බවද පොලීසිය කියයි .

සැකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කරන්දෙනිය  කලුවලගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් ඔහු ලග තිබී මත කුඩු ග්‍රෑම් 14.272ක් ද අනෙක් සැකකරු ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් ඔහු ලග තිබී මත කුඩු ග්‍රෑම් 21.510ක් සොයා ගත් බවත් පොලීසිය කියයි .

 ස්ථිර රැකියාවක් නැති මේ සැකකරුවන් දෙදෙනාම ජීවත්වනුයේ බැගියා සහ ඔහුගේ මස්සිනා වන සුදුවා යන අයවලුන්ගේ මත් කුඩු ජාවාරමෙන් බවද පොලිසිය කියයි .

 මේ සැකකරුවන් දෙදෙනා මත් කුඩු ජාවාරම් කිරීමට රැගෙන යමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුව ඔවුන් පරීක්ෂා කිරීමේදී මේ මත් කුඩු තොගය ඔවුන් ලග තිබී සොයා ගැනුණු බවද පොලිසිය කියයි .

සැකකරුවන් දෙදෙනා අද (25) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

මත් කුඩු සමඟ පාතාල සාමාජිකයෝ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site