IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැති ඇමති ලොක්කන්ට රට යනකොට දුන්න සල්ලි කපයි

(අංජුල මහික වීරරත්න)

අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දුන් දීමනා මෙලෙස කප්පාදු කෙරෙනු ඇත.

මෙම වියදම් කප්පාදු කිරීමේ තීරණය මාර්තු විසි වැනි දා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාල විදෙස් ගතවීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා ගෙවූ දීමනාව අමෙරිකා ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කරමින් විදෙස් ගත වීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවූ දීමනාව ද අමෙරිකා ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබෙි.

සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම රජයේ නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකා ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (9)

මැති ඇමති ලොක්කන්ට රට යනකොට දුන්න සල්ලි කපයි

Perera Thursday, 16 March 2023 05:01 AM

මාධ්ය්ටා ඔහොම කියලා හිතේ හැටියට දෙනවා ඇති.මුන්ව විශ්වාස කරන්න පුළුවන් එවුන්ද

:       1       4

Gampaha Daranagama Thursday, 16 March 2023 05:54 AM

මෙය කාලෝචිත පියවරකි. විදේශ ගමන්වල අවශ්‍යතාවය ගැනද තීරනය කිරීඑමට විද්වත් මන්ඩලයක් නම්කිරීම සුදුසුය. පුහුනුවක් ලබා එන අය මගින් අනෙක් අයට පුහුනුවක් ලබා දීම මගින්ද ප්‍රතිපල සාර්තක කර ගත හැකිවෙයි.

:       0       1

සක්‍රයා Thursday, 16 March 2023 07:44 AM

මැති ඇමැති ඇතුලු දේශපාලු හොරු හැත්තට උන් ලබන වැටුපට දිමනාවලට ආදායම් බදුත් ගහපල්ලා.

:       0       3

දුශ්මා Thursday, 16 March 2023 08:02 AM

සිංහලේ ගෑනු ටික වලං හෝදලා එවන ඩොලර් වලින් රට යන දේශපාලනේ...

:       1       5

JsThursday, 16 March 2023 12:05 PM

සිංහල ගැහැණු විතරක් නොවෙයි දෙමල මුස්ලිම් ගැහැණුත් මුදල් එවනවා. අනික ඔය මුදලුත් වැඩිපුර මුස්ලිම් රටවලින්.තවත් හිතේ කහට ..... .

:       2       3

දුශ්මාThursday, 16 March 2023 01:08 PM

අපොයි එහෙම හිතලා දාපු දෙයක් නෙමේ. අපි හැමෝම මිනිස්සු .

:       0       0

Rasika Thursday, 16 March 2023 08:05 AM

හොඳවැඩක් කියල කියන්නත් සමහරු අකමැතියි

:       1       1

දාස Thursday, 16 March 2023 10:19 AM

ඕව කටින් විතරයි, මිනිස්සු රවට්ටන්න , හොර තක්කඩි

:       1       5

fairoos Thursday, 16 March 2023 01:07 PM

ඕවා කෙරෙයි ඉතින් බලාගෙන ඉන්න

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site