
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය රජයේ හිටපු ප්රබල මැති ඇමැතිවරුන් හා නිලධාරීන් තිහකට ආසන්න පිරිසකගේ වත්කම් විමර්ශන කඩිනම් කර ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග අනාවරණය කළේ ය.
විශේෂයෙන්ම, 2020 සිට 2024 දක්වා වූ කාලය තුළ සිටි ප්රබල මැති ඇමැතිවරුන් හා නිලධාරීන් මීට ඇතුළත් වන බව වාර්තා වේ.
ඇතැම් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරි කටයුතු සඳහා භාර දෙන බව ද සඳහන් වේ.
මෙම විමර්ශනවලට බඳුන් වන්නන් අතර චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, කංචන විජේසේකර, මනූෂ නානායක්කාර, ජෝන්ස්ටන් ප්රනාන්දු, පවිත්රා වන්නිආරච්චි ඇතුළු ප්රබල දේශපාලනඥයන් ද සිටින බව මෙම ආරංචි මාර්ග අනාවරණය කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම පෝලිමට වැලිකඩ යනව බලන්න මිනිසුන් බලාගෙන ඉන්නෙ, රට කාපු හැත්ත
මුන්ට නියම තැන වැලිකඩ
දින ගැන ගැන මුන් පෝලිමට මහ උළු ගෙදර යනකන් බලන්න
ජාතික ධනය වසර ගණනාවක් තිස්සේ පිල්ලි ගසාගෙන, උන් ගේ වත්කම්, බැංකු ගිණුම් තර කරගෙන, මෙලොවදීම සුරසැප විදින, මැදමූලන රාජපක්ෂ චෞර සංස්ථාව, වැලිකඩ රජයේ බොඩිමට ප්රවේශ වී, ජම්පර් ඇදගෙන, කල්දේරම් බත් ගිලමින් යහතින් සිටින කුමන අවස්ථාවක හෝ ඔවුන්ගේ කුජීත, කුප්රකට කුරහන් සාටකය බෙල්ලේ එල්ලාගෙන සිටීම සපුරා තහනම් කළයුතු වෙනවා... මතක නේද පහුගිය දවසක අර පියාසර කිරීමට ට්රයි කරපු ලොක්කාගේ බෙල්ලේ මොකද්ද පටියක් හිරවීම නිසා එලොව ගිය හැටි...?