
(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 580.16 දුරක් පා ගමනින් ගොස් යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු ඉකුත් දා ලෝක වාර්තාවක් තැබීමට පියවර ගත් බව යුද හමුදාව පවසයි.
ආරක්ෂාක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බළකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියකු වන මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් මෙම පා ගමනේ නිරත විය.
පේදුරුතුඩුවේ සිට පසුගිය සැප්තැම්බර් මස 05 දින ආරම්භ කරනු ලැබූ මෙම පා ගමන කිලිනොච්චියල වවුනියාවල මැදවච්චියල අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසුකරමින් දින 12 කට පසු දෙවුන්දර තුඩුවෙන් සාර්ථකව නිමා කළ යුද හමුදාව පවසයි.
කිලෝමීටර් 580.16 ක දුරකින් සමන්විත පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයන් නව සෙරන්ඩිබ් ලෝක වාර්තා සඳහා වූ සහතිකය මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත භාර දෙන ලදී.

2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාණ්ඩලික සැරයන් පයින් ගොස් වාර්තාවක් තියයි
Bunny Preena Monday, 18 September 2023 09:41 AM
සුභ පැතුම්. තවත් ලොක වාර්තා තැබීමට ඔබට ශක්තිය, ධෙර්යය සහ නිරෝගී සුවය අත්වෙවායි ප්‍රාර්තනා කරමි.