
(ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා මැණික් තොගයක් සිය සිරුරෙහි ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවා ගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස් වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20 ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙහිදී රේගු නිලධාරීවරුන්ට මොවුන් පිළිබද ඇති වූ සැකය මත , මොවුන් දෙදෙනා පරීක්ෂා කිරීම් වලට ලක් කිරීමේදී මෙම මැණික් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .
එම මැණික් අතර නිල් මැණික්
( Blue Shaperar ) , පද්මරාග ( Padmaracha )
කිරින්චි ( Spinel ) , රතු කැට ( Ruby ) , කනක ( Crysobery ) , සැවරයිට් ( Tsavorite
Garnet ) , වෛරෝඩි ( Cats Eye ) , චන්ද්‍රකාන්ත ( Moonstone ) , තෝරමල්ලි
( Tourmaline ) සහ ආරනූල් ( Star Shaperar)
යන ප්‍රධාන මැණික් වර්ග වල කැරට් 756 ක් බරැති මැණික් කැට 390 ක් තිබුණි . ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරන අය දෙමළ මුස්ලිම් උනාම තමයි ජාතිය ලියන්න මතක් වෙන්නේ නේ? ලංකාවේ මාධ්‍ය සධාචාරය තියන මාධ්‍ය කිහිපයෙන් එකක් වෙන ඔයාල එක නැතිකරගන්න එපා.
කතා කරන්න ගියාම හරි සුද්ද වන්තයි. කරන හරියක් මගඩි කරන්නේ එයාලා තමයි.
මාරයා අස්සේ හැංගුවානම්... පැය 08ක් විතර ගුවන් ගමනේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ...
ශ්‍රී ලංකාවේ පුරවැසියන් දෙදෙනෙක් කියලා කිව්වම ඒක ඇති. ජාතිය ආගම කුළ මල ගෝත්‍ර සදහන් කිරීම අවශ්‍ය නොවේ.