
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ විය.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයටද එක්විය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන FACETS Sri Lanka අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද සිට (06) වැනිදා දක්වා පැවැත්වේ.
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka මෙවර පැවැත්වෙන්නේ 31 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයෝ ඊට එක්වී සිටිති.
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයෝ රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර රත්නපුර, ඇළහැර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල සහ කොළඹ වැනි දේශීය කර්මාන්ත මැණික් ගැරුම්කරුවෝ රැසක්ද සහභාගී වී සිටිති.


2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් ප්‍රදර්ශනයට ජනපති යයි
රුවන් Saturday, 04 January 2025 05:38 PM
මහින්ද රාජපක්ෂ කාලේ නම් මැණික්...