IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැණික් පෙන්නා ලක්ෂ 15ක් කොල්ල කාලා

(ඉන්දිකා රාමනායක)

මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා මහඔය 69 හන්දිය ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කොල්ල කෑ සැකකරුවෙක් මහඔය පොලිසිය  විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කොල්ලකෑ මුදලින් කොටසක් ළඟ තබා ගත්තැයි කියන සැකකරුගේ මව ද පොලිස් බාරයට ගෙන ඇත.

මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා සැකකරු  මෙම ව්‍යාපාරිකයා මහඔය 69 හන්දිය ප්‍රදේශයට කැඳවාගෙන විත් මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය සඳහන්බ කරයි.

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා මහඔය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කර පොලිසිය මෙම සැකකරු සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මහඔය ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහුගේ මව 58) හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි.

සැකකරු සහ සැකකාරිය අද (26) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (1)

මැණික් පෙන්නා ලක්ෂ 15ක් කොල්ල කාලා

Perera Sunday, 26 February 2023 02:58 PM

ඕවා මොනවද .එක එක සුරංගනා කතා කියලා බංකොලොත් වෙන තරමට මුළු රටක සේසතම හොරා කාලා තියනකොට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 25 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site