(ඉන්දිකා රාමනායක)
මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා මහඔය 69 හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කොල්ල කෑ සැකකරුවෙක් මහඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොල්ලකෑ මුදලින් කොටසක් ළඟ තබා ගත්තැයි කියන සැකකරුගේ මව ද පොලිස් බාරයට ගෙන ඇත.
මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා සැකකරු මෙම ව්‍යාපාරිකයා මහඔය 69 හන්දිය ප්‍රදේශයට කැඳවාගෙන විත් මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය සඳහන්බ කරයි.
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා මහඔය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කර පොලිසිය මෙම සැකකරු සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහඔය ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහුගේ මව 58) හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි.
සැකකරු සහ සැකකාරිය අද (26) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද .එක එක සුරංගනා කතා කියලා බංකොලොත් වෙන තරමට මුළු රටක සේසතම හොරා කාලා තියනකොට