
(යොහාන් භාසුර)
තිරිඟු පිටි ප්‍රවාහන දුම්රිය කලාවැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීම නිසා අහිටුවා තිබූ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත අද (5) ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
කොළඹ කොටුව සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය දුම්රිය යළි ධාවනය වීමට නියමිත බවත් කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.00 ට පිටත්වන ‘මීනගයා’ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (5) සිට ධාවනය වන බවත් ස්ථානාධිපති සංගමය කියයි.
කලාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැන තිබූ දුම්රිය මේ වන විට නැවත පීලිගත කර ඇති බවත් ඉන්දියාවෙන් ආනයනය කළ එම එන්ජිම පීලිගත කිරීමට දින 5 ක් ගත වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd