(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මඩ පොහොර හෙවත් TSP පොහොර නොමිලයේ බෙදා දීම දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවල දී සාර්ථකව සිදු කෙරෙන බවත් මේ වනවිට සියලූම ගොවිජන මධ්‍යස්ථාන වෙත පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් බෙදා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට ලැබිණි.
මඩ පොහොර බෙදාහැරීම සම්බන්ධව දෛනික ප්‍රගති වාර්තාව අද (24) පෙරවරුවේ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දෙමින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මෙි බව සඳහන් කළේය.
කොමර්ෂල් පොහොර සමාගම මගින් මඩපොහොර මෙට්‍රික් ටොන් 15,000ක් බෙදා හැරීමට නියමිත අතර ඉන් මෙට්‍රික් ටොන් 14,000ක් දැනටමත් බෙදාහැර අවසන් කර තිබේ. ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම හෙට (25) වනවිට එම සමාගම විසින් බෙදා හරින මඩ පොහොර සියල්ල බෙදා හැර අවසන් කිරීමට නියමිතය.
ලංකා පොහොර සමාගම ලබන බදාදා වනවිට එම සමාගම මගින් බෙදා හැරීමට නියමිත මඩ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 21,000 බෙදා හැර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මඩ පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් බෙදා අවසන්