IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මඩ පොහොර නැව එයි

(අංජුල මහික වීරරත්න)

වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත්  MV INCE PACIFIC  නෞකාව අද (16) දින පාන්දර කොළඹ වරායට පැමිණියේය.

එම නෞකාවෙන් මඩ පොහොර මෙට්‍රික් ටොන්  36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.



අදහස් (3)

මඩ පොහොර නැව එයි

Senaka Thursday, 16 March 2023 11:01 AM

ලංකාවේ පොස්පේට් නිධියක් තියාගෙන, ආර්ථිකේ නැට්ටටම කෙල වෙලා තියෙද්දීත්, ඉතාම සරලව හදන්න පුලුවන් ට්‍රිපල් සුපර් පොස්ෆේට් ලංකාවෙ හදන්නෙ නැතුව පිට රටින්ම ගෙනෙන්. තාම ඕක හදන්න සැලසුමක් වත් තොපිට නැද්ද.

:       0       23

පැරකුම්Thursday, 16 March 2023 03:12 PM

එහෙම කොහොමද ලංකාවෙ හැදුවම කොහොමද කොමිස් ගහන්නෙ නිකං මෝඩ කතා කියන්නැතුව ඉන්න සේනක.

:       0       5

Bunny Preena Friday, 17 March 2023 09:28 AM

එහෙනම් මහ මැතිවරණයක් ළඟදීම තියන්න යන පාටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site