(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
"අයි.එම්.එෆ් එක පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගැහුව කියල පිම්බෙන්න හදන්න එපා. මේ වගේ බොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් මේ රටේ ඉන්නේ කියලා අයි.එම්.එෆ් එක දැනගත්තොත් ඉදිරියේදී සත පහක් දෙන එකක් නැහැ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
" මේවා දකින කොට අපිට කියන්න වෙන්නේ කපුටු කාක් කියලා තමයි" යැයිද ඔහු සඳහන් කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල් ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට එක දිගට බාධා කළ අවස්ථාවේදීය.
විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
"ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලංකා හොස්පිටල් වල තියෙන රජයේ කොටස් විකුණන්න පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණයක් අරගෙන තියෙනවා. මේ ලාභ ලබන ඒවා විකුණන්නේ ඇයි.
( ආණ්ඩු පක්ෂයෙන් දිගටම බාධා කිරීම්)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
මන්ත්‍රීතුමන්ලා නිශ්ශබ්ද වෙන්න.සභාව ගෙනියන්න බැහැ.
වීරවංශ මහතා:
කපුටු කාක් කියලා තමයි කියන්න වෙන්නෙ.
ජනාධිපතිතුමා කැමතිනම් පිළිතුරු දෙන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියලා තමයි මුලින් කිව්වේ.ලාභ ලබන ඒව විකුණන්නෙ මොකටද. ලාභ ලබන ඒවා ගන්නෙත් පිටරට අය නම් ඩොලර් පීඩනය අඩු වෙනවද වැඩි වෙනවාද. එ අය රුපියල් ඩොලර් කරල ගෙනියන්නෙ. කරුණාකරලා අයි.එම්.එෆ් එකෙන් අහල හරි මට මේකට පිළිතුරක් දෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹ බැරිවෙලාවත් IMF එක පැත්ත පලාතේ යන්න එපා
දැන් ඔහේ හිතාගෙන ඉන්නේ ඔහේ හරි උගතෙක් කියලද? ඔතන ඉන්න අමුම මට්ටන් අතරේ ඔහේ ඉන්නෙත් ඉදිරි පේලියේම තමයි . ඊට අමතරව ඔහේ හොර පාස්පෝට් හදල අහුවෙලා නඩුවකුත් යනවා නේද? මවර මන්ඩියේ මිට අවුරුදු 20 කට ඉහතදී පොඩි කඩයක් දාගෙන හිටපු ඔහේ අදවෙනකොට හොයාගෙන තියෙන වත්කම් කොමොමොද උපයගත්තේ කියලත් පොඩ්ඩක් කියමුකෝ බලන්න .
විපක්ෂයේ ඉන්න කොට තමයි මුන්ගේ දේශප්‍රේමය උතුරන්නේ, රාජපක්ෂලා සමග හවුලේ හොරාකන කොට කිසිම ප්‍රශ්ණයක් නැහැ.
පාඩු ලබන ඒවා ගන්න තමුන්ට මොලේ අමාරුව තිබුණට කවුද කැමති පාඩු ලබන තේ කඩයක්වත් ගන්න.
ඔබතුමා ඉස්සර වගේ අඩිරාජවදී කුමන්තොරන් ගැන කියවන්න යන්න එපා පුරුද්දට.
ඔතන ඉන්න අමුම මුත්තන් අතරේ ඔහේ ඉන්නෙත් ඉදිරි පේලියේම තමයි
උඹත් එන්න ඒන්නම චාටර් වෙනව.