(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාසල් ගුරුවරුන් කියන්නේ රජයේ වෙනත් රැකියා කරන අයට වඩා වෙනස් වෘත්තියක් බව කී විමල් වීරවංශ මහතා ළමයින් අනුකරණය කරන්නේ සහ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය බැවින් ගුරුවරුන්ගේ බාහිර පෙනුම රජයේ වෙනත් රැකියා කරන අයගේ බාහිර පෙනුමට බලපාන බව කීය.
එන්,ජී.ඕ කාර බත් බැලයන් එක එක යෝජනා කාලෙන් කාලෙට ගේන අතර දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියා එක පාරට කියන්න බැරි නිසා ගුරුවරුන්ගේ ඇදුම වෙනස් කරන්න හදන බවද ව්‍යාජ අනුකම්පාවක් මවා මෙය කරන්න එපා යැයි වීරවංශ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නං ඒකත් නැහැ , අමු හෙලුවෙන්
පොඩි කාලේ එක ඇඳුමක් තිබුණට දැන් මාලිගාවල්ම කීයක් ද නේද සර්, ඇත්තටම සර් කොහෙන්ද ඔතුමා ඔච්චර සල්ලි ගොඩක් හොයා ගත්තේ.
ඒකට දැන්........... ඒත් තාම හෝද හෝද මඩේ දාන්නෙ ඒ පරන ඇඳුමමයි.
ඒක අපි දන්නවා. ඒත් දැන් තියෙන ගාන ගණන් කරලා ඉවරකරන්නත් බැහැනේ නේද?
දැන් තියෙන්නෙත් එකම ඇඳුමනේ . 'ජාත්‍යන්තර කුමන්ත්‍රණ' ඒක හෝදා හෝදා තමා අඳින්නේ. අපිත් රැවටෙනවා එක් තමයි ස්ටයිල් එක කියලා.
එහෙම හිටපු එකා දේශපාලනේ කරලා මාලිගාවල් හදන්න සල්ලි ඉපයූවේ කොහොමද?
දැන් එක්ත් නැහැ නේද? කණ්නාඩියක් ඉස්සරහට යන්න හොඳ වෙලාව.
දැන් ඒ ඇදුමත් නැ
අපේ රටේ විනාශයට වග කියන්න ඕනි තව එක්කෙනෙක්.
"පච වංස" කියල හැමෝම දන්නව
එහෙම හිතපු එකනෙ දැන් කොන්ඩෙකපන්නත් යන්නෙ හිල්ටන් එකට නේද? කොහොමද සල්ලි හන්බවුනෙ පැහැදිලිව කියන්නකො?
හැබැයි දැන්නම් දේශපාලනේට බැස්ස එකට පින්සිද්ද වෙන්න තඩි ගෙවල් සැප වාහන එමටයි; සැප සම්පත් උතුරුනව ආයුබෝවන් ඔගොල්ලන්ට පින්සිද්ද වෙන්න
ඔබ සැමවිටම පෙනීසිටින්නේ සත්‍යවෙනුවෙන්. අපි ඔබට ගෞරව කරනවා
කතාව සම්පූර්ණ ඇත්ත. NGO කාරයෙක් වන ගැරු සංගමයේ මහා පිළිලය කියන දේවල් කළොත් අපේ රටම හාන්සි. මොකද මිනිහට ඕන අනාගත පරපුරම විනාශ කරන්න.
ඔබ පමනක් නොවෙ දැන් ඔය පර්ලිමෙන්තුවෙ ඉන්න පක්ශ විපක්ශ ඩොලර් ප්‍රකෝ ගනන් දේපල තිබෙන බොහෝ දෙනෙක් දැනට අවුරුදු 20-25 ඉස්සෙල සිටියෙත් එහෙම තමා, ඒක නිස තමා ජනතාවට 225 ම එපා වෙලා තිබෙන්නෙ , ඔක්කොම හොරු මල්ලි ඔක්කොම යලුවො
ඔබට තවම මිනිසුන් කැමති බව ඉහල කොමෙන්ට් වලින් පෙනි යනවා ... (පල බර ගස්වලට කොල්ලෝ ගල ගසති) ඔබට ජය
දැන් අපිට තියෙන්නේ ඒක අදුමයි.
විමලසිරියා ඒ කාලේ හිටපු හැටි ගමේ මිනිස්සු හැමෝම දන්නවා.දේසපාලනේට ඇවිත් සාටකයාගේ කරේ එල්ලිලා ගොඩ ගිය විදියත් ,කියපු කරපු දේවලුත් ගසාකාලා හම්බ කරගත්තු හැටිත් දන්නවා ඇතිනේ ?
ඒ කියන්නේ මේ වෙනකොට උපයලා තියෙන ධනය ලැබුණේ ඊට පස්සේ නේද? ඒවා හරියට ආදායම් බදු ගෙවලා වත්කම් හෙළිදර්ව් කළාද රජයේ සේවකයෙක් හැටියට? ඒකත් කියන්න.
කෙසෙල්වත්තේ ලැවරිය විකුණපු එකා මෙච්චර කෝටිපති උනේ කොහොමද කියලා අහන්නෑ නේද ? 1992 කොටි ගහල එලව්වම ෂොපිං බෑග් එකට ඇඳුම් දෙකක් දාගෙන ආව බදූන්ඩීන් ගැන අහන්නෑ නේද ? ඒවට හෑලි ලියන බුජ්ජිමත් ජනතාව නැහැ නේද ? කමක් නැහැ කමක් නැහැ රනිල් ජනාධිපති උණානේ.
ගුරුවරියන්ටසාරි අපහසුනම්පහසු වූ ආකාරය යුනිෆෝම් එකක් සපයා දිය යුතුයි
දැන් ඔයාටත් එක්කල මහගෙදර ඉන්න 225ටයි, උන්ගේ හෙන්චිය්යලටයි කලිසම් ගවුම් අන්දන්න, අපේ විතරක් නෙමේ අපේ ලමයින්ගේත් යට ඇදුම පවා තොපි උදුරාගෙන ඉවරය්. අපට දැන් කොල අතුවලින් තමා වහගන්න වෙලා තියෙන්නේ.
එහෙව් එකා දැන් අනුන්ගේ රෙදි හෝදනවා.
හරි එමෙ කියමුකෝ. ආසාවට සීගිරියට ගිහින් නෑ කියලා හොටු පෙරාගෙන දවසක් ඇඬපු මේ මිනිහා හොලිවූඩි ගියා විනෝදයට. 20 සම්මත කරන්නත් අත ඉස්සුවා. මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ ගෙනාව කියලා ගෝඨාභය ගේනන දර දිය ඇද්දෙත් මෙයාමයි. මොළ හතත් මෙයාගේ. අද මොකුත් නොදන්න තොත්ත බබා. අද ඉන්නේ හෙළුවෙන්. කතා කරන්නේ පස්සා පැත්තෙන්.
ඒ ඇඳුමවත් හරියට හේදුවෙ නැහැ නේද?.
ඔය ගුරුවරියන්ගෙ ඇදුම වෙනස්කිරිම ගුරුවරියන්ගෙ ඉල්ලිමක් වුනානම් ඔය ඉල්ලිම ඉදිරිපත්කරන්නෙ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හරහායි .මොකද කියතොත් එ මහත්මිය පොහොට්ටුවෙ ගුරුසංගම් ක්‍රියාකරනියක් පොහොට්ටුවට බොහොම සම්බන්.
මට නම් හිතෙන්නේ ඒකත් නොතිබුණා නම් හොඳයි. පාඩුවේ වෙන මොකක් හරි කරගෙන ඉන්නව. දැන් පුදුම කරදරයක් තියෙන්න් ඔබතුමාගෙන් අපිට වගේම රටට.
ඔය වගෙ දුක් විදපු කෙනෙක් කොහොමද ඉගෙනිමක් නැතිව. ඇමතිපට්ටම් අරගෙන සේරම අංගසම්පුර්න කරගෙන දැන් බොරු අනුකම්පා කතා කියනවා. මේවගේ කතා ඔය නඩේ ගුරුන්ට කියන්න බැහැ. ඒ තරමට කලු පැල්ලම් එලියට එන්නෙ. ගුරු වරුන්ගෙ ඇදුම වෙනස් කරන්නෙ නැතිව මේ නඩෙගේ සුදු රෙද්ද ගලවලා ජම්පරය නියම කරන්න ඕන. හිරේ ඉන්න ඕන උන් කියන හැගිම දැනෙනවා එතකොට. ඔය බොරු යුනිෆොර්ම් කතා නතර කරපල්ලා. දැන් ඕකද අඩු. විලිවසා ගන එන ඕන ඇදුමක් අදින්න පුලුවන්. ගුරුවරියකට තියෙන සුදුසු කම් තියෙනවානම් ඇදුමෙන් මනුස්සයෙක් මනින්න බැහැ. ඔය නඩේ ජාතික ඇන්දුම් ඇන්දට කීදෙන්කුටද උගත්කම තියෙන්නෙ. හොර බොරු වංචාවෙන් පිරුනු එකම රට. හැම උදයම පටන්ගන්නෙ බුද්දන් සරණං කියලා. නින්දට යනකොට.් පාප කියක් කරලා ඇත්ද. ඔය සේරම බොරු දේවල් නතර කරලා ලෝකෙදියුනු රටවල් වගෙ මැශින් වගෙ වැඩට යන්න එන්න ඕන. ජනතාවනම් වහල්ලු වගෙ. 250 හැතිකරෙතමයි රට කන්නෙ. මට නම් මේනඩේ දකිනකොට හරිම කෙන්තියි.
අඳින්න වස්තරේ නැතුව හිටපු මනුස්සයා දැන් ඉන්න විදිය කොහොමද? මෙවැනි මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නකොට රට බංකොළොත් වෙන එක පුදුමයක් නොවේ.
වෙන කතා කරන්න දේවල් නැතුවද ගැහැණුන්ගේ අඳුම අල්ලගෙන දඟලන්නේ. ගුරුවරු පමණක් නෙවෙයි එහෙනම් ඇමතිලටත් ඇඳුම් නියම කරන්න වෙනවා. මේකත් මානසික රෝගයක්. කාන්තාවන්ගේ ඇඳුම ගැන පිරිම කතා කිරීම. එසේනම් කාන්තාවන්ගේ ක්‍රීඩා ඇඳුම්, රූප රාජනි තරග මේවත් තහනම් කරන්න වෙනවා.
පල, පල බොරු නොකියා බණ්ඩා.
Movie DR. Safi best actress Wimalawathie, The Sahana Malla was a great donation from last election cycle including Mahathir Mohamed .
වයිෆ්ට පාස්පෝට්ම තියනවා ඊට වැඩිය දැන්
දැන් කීයක් විතර තියෙනවද?
දැන් මෙයාගෙ යට ඇදුම් පවා පොදු ජනතාවට අයිති ඒ්ව. මිනිස්සු ඒ්වවට ගෙවනවනෙ
ඒ ඇඳුම අරන් අනෙක් ඒවා දීලා යන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලිනේ.
ඒක තමයි. එහෙම උනාට සමහරු ඔය "උප්පැන්න දෙකකුයි පාස්පෝර්ට් දෙකකුයි තිබුනා" කියල කියන්නේ බොරුවට වෙන්න ඇති නේද?
ඇත්තද අපි හිතුවේ උපතින්ම සල්ලිකාරයෙක් කියලා.