
(අංජුල මහික වීරරත්න)
රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහයවීමට හැකි පරිසරයක් උදා කර දීම රටේ ජනතාවගේ වගකීම බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
තම ඉලක්කය වූයේ කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීම බව පැවසූ ජනාධිපතිවරයා එම ඉලක්කය මේ වන විට සාක්ෂාත් කරගෙන තිබෙන අතර තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන එකඟතාව, අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය බවත් පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් ශ්‍රී ලංකාවට මේවන විට සැලකිය යුතු සහනයක් හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම වැඩේ කියන්නේ එතෙක්, මෙතෙක් මේ වංචා ටික කළ රාජපක්ෂලා රනිල්ලා හෙට අනිද්දා ඡන්දය ඉල්ලන්නේ එකට එකතුවෙලා.
ඔව් ඒක ඇත්ත. ප්‍රසන්න, ලංසා, වජිර වගේ මාර කට්ටියක් ඉන්නවා රට හදලා ගන්න..
රාජපක්‍ෂලාගෙන් ගැලවිලා ආපු ලෝක හොරු ටික නම් ඔයා ළඟ ඉන්නවා පේනවා....!
කවුරු ගැනද ඔය කියන්නෙ? ඕවා ඔබලා ලිහලා, පොලේ ගහලා හොඳ නරක බලපු දේවල්...!
ඔබ ඉන්නේ බලලෝබී කණ්ඩායමක් එක්ක. ජනතාව ඒක දන්නවා...
නියම ටිම් එකක් ඉන්නේ...
මීට කලින් ඒ කණ්ඩායම හිටියේ ගෝඨාභය ළඟනේ. හරි අපි හඳුනා ගත්තා..!
රට මේ බංකොළොත් කරපු කණ්ඩායමත් ඉන්නේ ඔබතුමා ළඟ නේද?
ඔව් ඔව්... මහබැංකුව සුද්ද කරලා කරපු කෙනාව රට පන්නපු, අසූචි නැවක් ගෙන්නපු, කෝච්චිවලින් මාල කඩාගෙන පැනපු වගේ අභියෝග ජයගත්ත අයනේ...
21 වැනිදාට තිබෙන අභියෝගය පුළුවන් නම් ජයගන්න...
ඇත්තනේ ඔය ගොඩ ඇරං තියෙන්නේ.අනේ අපි තව අවුරුදු පහකට දෙමු.හොඳට බලන්ට කොච්චර උගත් පිරිසිදු කණ්ඩායමක්ද ඉන්නෙ හදයි හැදිල්ලක් .ඇමෙරිකාවට ණය දෙන ගානට ගේනවා සහතිකයි.
ටීම් එක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම හොරු රැළක්...
ඔබතුමා වර්තා පිට වර්තා තියලා තියෙන්නෙ අඛණ්ඩව අවුරුදු 30 ක් පරාද වෙලා පක්ශෙත් ඉවර කරලා ගෑස් සිලින්ඩරයක් බෙල්ලෙ එල්ලන් ඒක වටේ කප්පම් හොරු මාල හොරු අසූචි පොහොර හොරු. බැදුම් කර හොරු එල්ලන් 21 වෙනිදට ගැස් රොකට්ටුවෙන් මොන ලෝකෙට යාවිද
කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. මොලේ පෑදුණු වෙලාවක මේ කමෙන්ට් බලලාවත් හැදෙන්න රනිල් මහත්තයෝ...
දැන් මේ කියන්නේ අවුරුදු ගණනාවක් ඇමැතිවෙලා...!
ඔබතුමාට වැරැදිලා...! අපි දන්නේ හොරුකණ්ඩායමක් කියලා. වැරැදි දේ කිව්වොත් ඡන්දෙ නොලැබේවි...
බැරිම වුණොත් මාලයක් කඩලා හරි, කප්පමක් ඇරගෙන හරි රට ගොඩ දාන්න පුළුවන් කණ්ඩායමක් එන්නේ සීයාට විතරයි.
ඕවා නේද රට බංකොළොත් කරන්න වුණත් පුළුවන් සෙට් එකක්නේ කිට්ටු කරන් ඉන්නේ.
ප්‍රසන්න, රත්තරන්, ලංසා... නියමයි..
ඒකනම් පේනවා. හොරු, මංකොල්ල කාරයෝ, ඔක්කොම ඉන්නවනේ දැන් එයා එක්ක.
ඔය කියන්නේ ළඟදී පත්කරපු උපදේශකයෝ ගැන වෙන්න ඇති. අවුරුදු 47ක් දේශපාලනේ විවිධ තනතුරු දරලත් හරිහමන් වැඩක් කරගන්න පුළුවන් වුණාද?
ඒකනේ අර ඔච්චර වටින කොළඹ හිල්ටන් හෝටලය ඉඩමේ වටිනාකමටත් වඩා අඩු මිලකට විකුණන්න හදන්නේ. වටේ ඉන්න හොරු කන්ඩායම ගැන ඒකෙන්ම පේනවා.
ඔව් ඔව්... තවතව අළුත් බදුවර්ග ගේන්න හිටියේ. කරුමෙට උසාවියත් හරස්වුණා... ජනාධිපතිවරණය කල්දාන්න ගත්තු උත්සාහයට. ඒක නිසා ඒ බදු ටික ගහගන්න බැරිවුණා. බලය දුන්නොත් ඒ බදු ටික අනිවාර්යෙන්ම ගේනවා. IMF යෝජනාව අනුව ජනතාව අකැමැති වුණත් ඒ දේ කරන්න වෙනවා. 2028 වෙනකොට කල්දාපු ණයවාරික ගෙවන්න පටන් ගන්න වෙනවා. එතකොට ආදායම වැඩිකරගන්න බදුගහන්න වෙනවමයි. විදේශ ආයෝජනත් හිතුවාට එන්නේ නෑ. නැත්නම් එයාලාගේ බදුවලින් ආණ්ඩුව ගෙනියන්න තිබුණා. මේ ටික කරන්න තමයි මම ජනතාවගෙන් බලය ඉල්ලන්නේ...!
රනිල් මහත්තයෝ ඔබ දෙස රටේ මිනිසුන් හොඳින් බලාගෙන ඉන්නේ, ගරු සැලකිළි, පුදසත්කාර කරන්න. ඒ සඳහා අවස්ථාවක් සැප්. 21 ලැබෙනවා එය පිළිගන්න නොඉවසිල්ලෙන් බලාඉන්න. ලෝකෙට මහා ප්‍රජාතන්ත්‍රවාදියා, පරදින බව දැණුනු වහාම අරලියගහ මන්දිරයෙන් පිටව ගියකෙනා..., නමුත් පක්ෂයට ඒකාධිපතියෙක් වෙලා කරන්න පුළුවන් උපරිම වින්නැහිය කළා. එක්සත් ජාතික පක්ෂය නම් මේ රටට මහා සේවාවක් කළ ඇති දැවැන්ත පක්ෂය එක මන්ත්‍රී ආසනයක් නැතිව බිමටම සමතලා කරලා දැම්මා. මොන කයිවාරු ගැහුවත් ඒ පාපයෙන් නම් ඔබතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. සුවසේ සැනසුම් සුසුම් හෙලන්න නම් ලැබෙන්නේ නැහැ. UNP කාරයින්ට නරකම කාලයක් උදාකර දුන්නා. වැරැදිලාවත් ඔබතුමා දිනුවොත් පාක්ෂිකයෙක් ගැන නිවත් බලයිද නැහැ. බලන්න බැහැ. ඉහතින් පිරිස ලස්සනට කියලා තියෙන්නේ රට ගොඩගන්න එක කෙසේවෙතත් ඒ පිරිසේ පදේට නටනවා හැරෙන්න වෙන දෙයක් නැහැ. තවත් අවුරුදු 5 එජාප කාරයින්ට අපල කාලයක්... ඒ පමණක් නොව බදුපිට බදු ගහලා..., විකුණන්න පුළුවන් හැමදේම විකුණලා හුස්ම ගන්න බැරි රටක් නිර්මාණය වේවී. නමුත් ඔය පාපකර්මයෙන් නිදහස් වෙන්න.... කළ වැරැද්ද නිවැරැදි කරන්න පුංචි අවස්ථාවක් තාමත් ඉතිරිව තිබෙනවා. කරුණාකර හැකි නම් එසේ කරන්න...
උඩ කයිවාරු ගහන අයගේ කතා වැඩක් නෑ. කයිවාරු නැතුව වැඩ පෙන්නපු එකම ජනාධිපති රනිල් කියන එක ලංකා ඉතිහාසයේ ලියැවෙනවා. අද බංගලාදේශයට, මාලදිවයිනට, පාකිස්ථානයට වෙලා තියෙන දේ දැක්කාම ලංකාව ගොඩගැනීම රනිල් පෙන්නපු මැජික් එකක්. ඒක මේ මෝඩයින්ට තේරෙන්නේ නෑ...!
ඔබගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෝ ඇති දක්ෂ ලෙස කොමිස් ගැසීමට තැත් කිරීම නිසා අද පාස්පෝර්ට් එකක්, රියැදුරු බලපත්‍රයක්, නිකුත් කරගන්න බැරිවීම නිසා එම ආයතන ඉස්සරහ මිනිස්සු කෝලාහල කරනවා.. වීසා එකෙන් කොමිස් ගැහීම නිසා විශාල ප්‍රශ්න ඇතිවෙලා අධිකරණ නියෝගත් දීලා, ඔබට වයස වැඩි නිසා ඇස්, කන් පෙනීම අඩු නිසා මේවා පෙනෙන්නේ ඇහෙන්නේ නැහැ.. ඔබ ගෙදර ඉන්න...