IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුජිබර් පස්සේ කණ්ඩායමක් ලූහු බැඳලා:පොලිසියට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ සහෝදරියගේ ගල්කිස්සේ නිවසට ඉකුත් 12 වැනිදා සිකුරාදා පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් කණ්ඩායමක් මන්ත්‍රීවරයා පිළිබඳව දීර්ඝව විමසීම් කර ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳව රහුමාන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට පැමිණිලි කර ඇත.

මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ නිවසට අා එම කණ්ඩායම සිම් කාඩ් පතක් නැති වීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇති හෙයින් ඒ ගැන විමසීමට පැමිණි බව ප්‍රකාශ කර ඇත. තමා කිසිවිටෙකත් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මීට ප්‍රථම තමා නිවසේ නොමැති අවස්ථාවක මෙවැනිම කණ්ඩායමක් කොලොන්නාවේ නිවසට පැමිණ තමා පිළිබඳව බිරිඳගෙන් කරුණු විමසා තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගත් කණ්ඩායමක් බිරිඳගේ බොරැල්ලේ මහ ගෙදරටද පැමිණ තමා පිළිබඳව විමසා තිබූ බව සඳහන් කළේය.

මෙය තමා අනියම් ආකාරයෙන් බිය වැද්දීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් හැටියට සැක කරන බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අද දිනයේ පැමිණිල්ලක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි නිවට ක්‍රියා වලින් තමා බියවැද්දය නොහැකි බවද ඔහු කීය.

 



අදහස් (14)

මුජිබර් පස්සේ කණ්ඩායමක් ලූහු බැඳලා:පොලිසියට පැමිණිල්ලක්

Rata Perata Sunday, 14 December 2025 01:31 PM

අනේ චූටි බබා. බය උනේ නැති එක හොඳයි.

:       5       8

Perakum Sunday, 14 December 2025 03:02 PM

තමුන්නැහෙ බියවද්දන්න වෙන කාටද ඕන කරන්නෙ. තමුන්ගෙම කට්ටියගෙ වැඩක් වෙන්න ඕන.

:       5       10

දිනේෂ් Sunday, 14 December 2025 03:16 PM

මට හිතෙන්නේ මේක බොරු රගපෑමක් කියලා, බය කරනවානම් මීට වඩා අය ඉන්නවා බය කරන්න. කැපී පෙන්න දගලනවා මෙයා

:       4       10

ලොක්ක Sunday, 14 December 2025 04:31 PM

මෙයාම කට්ටියක් පස්සෙන් එවන්න ඇති, මේ තමන්ට අවධානය ගන්න ගහන ගේමක්

:       4       10

Shantha Sunday, 14 December 2025 04:49 PM

මේකාගේ පට්ට පල් බොරු. අපි නොදන්න මුජිබර්.

:       4       8

රසිකTuesday, 16 December 2025 04:26 PM

අනිවා. පස්සෙන් පන්නන්න වටින මනුස්සයෙක් නම් තව කමක් නෑ..

:       0       0

පියා Sunday, 14 December 2025 05:07 PM

ණය කාරයො වෙන්න ඇති මෙයා ණය ගත්ත

:       4       7

අදයභා Sunday, 14 December 2025 05:37 PM

කල හොඳ වෙන්න පුළුවන් ...

:       4       8

විදුරංග Sunday, 14 December 2025 06:03 PM

සති දෙකක් ඉන්න බැරි වුනානෙ හුරතලා වෙන්නෙ නැතුව. මෙන්න මේ මිනිහට කවුරු හරි ටිකක් අවදානය දෙන්න. මොකද මිනිහට චරිතයක් වෙන්නෙ නැතුව ඉන්න බැහැ. ලෙඩෙක් මේ මිනිහ

:       3       6

chandima Sunday, 14 December 2025 10:22 PM

දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඒක මතක් වෙලා හෙනෙන් බය වෙනවද ?

:       3       4

MD Monday, 15 December 2025 08:21 AM

ඵලෙස පැමිණෙන සියලු දෙනාම මර්වින් න්‍යාය යොදා ගස්බැඳ නිතීය ක්‍රියාත්මක කරන්න.

:       3       1

අබා Monday, 15 December 2025 10:06 AM

මෙයාගෙ රූපෙට වශී වෙලා කියලද කියන්නෙ.... හා හා හා.. නාකි විසේ නං වෙන්න ඇති වෙන මුකුත් නෑ.. හොරා කාපුවා තියේනං ඉතිං නඩු කියලා ගන්න බැරියෑ මුජිබරයෝ..

:       3       5

පප්ප Monday, 15 December 2025 10:25 AM

කෝ ගොබිලො අර කෑමොර ගහ ගහ දානවා කියපු නඩු, කොළඹ නගර සභාවේ කොමසාරිස්ට විරුද්ධව, බල්තසාර් නෝනා පත්කරපු විදිය වැරැදියි කියලා, කෝ වාන් දොරටු ඇරියාට නඩුව, ඔබලා වගේ පච කාරයෝ, හැබැයි බනින්නේ පචය කියලා ජනපතිට...

:       1       3

සෙනෙවිරත්න Monday, 15 December 2025 01:46 PM

රජයට නම් වුවමනාවක් නැහැ මෙයාලා යටපත් කරන්න ඉන්න එක වාසියක්? මොකද ගොතන බොරු දවසයි තියෙන්නේ... පහුගිය දවස්වල 12 ඉඳලා කාලගුණ නිවේදන කියව කියවා ඇවිල්ලා නොවැම්බර් 23 හෝ 24 දිනවල වැසි අඩුවීම නොකිය මග හැරියා... මොළේ තියෙන අය දන්නවා අර පච චැනල් එකේ පත්තු කරපු බොරුව කරතියාගෙන යන්නේ එල්ලෙන්න වැල් නැති මොවුන් වගේ අය බව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site