
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළිකර ගැනීම බව පාස්කු විමර්ශන වාර්තා කිහිපයක් සභාගත කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාළ වාර්තා ඉදිරි පරීක්ෂණ සඳහා ඉවහල් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"පාස්කු බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ වලට අදාල මලල්ගොඩ වාර්තාව මා සභාගත කරනවා.එමෙන්ම චැනල් ෆෝ සම්බන්ධයෙන් පත් කරන ලද විනිසුරු ඉමාම්ගේ වාර්තාවත් මා සභාගත කරනවා. ජනාධිපති කොමිෂන් සභාවට හිටපු එස්.අයි.එස් ප්‍රධානී චූලා කොඩිතුවක්කු ලබාදුන් කට උත්තරයත් සභාගත කරනවා.ඒ කට උත්තරයේ පරීක්ෂණ නිලධාරීන්ට වැදගත් වන බොහෝ කරුණු තියෙනවා.අප සැමට උවමනා වී තිබෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොලකරු අල්ලා ගැනීමටයි.මේ බෝම්බ ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අප දෙගොල්ලෝම එක මතයක සිටිනවා.ඒ සම්බන්ධයෙන් අප අතර ප්‍රතිවිරුද්ධ මත නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් බයියන්ට, ගැරඬින්ට භූමිතෙල් දැම්මා වගේ තමයි.
තමන් ළග තොරතුරු තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොදි සභාගත කරන්නේ කතානායක පාස්කු ප්‍රාහරය ගැන පරීක්ෂණ පවත්වනවා කියලා හිතලා වෙන්න ඇති. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කරන මේ තක්කඩි වැඩේ වහාම නතර කරන්න වර්ථමාන පාර්ලිමේන්තුව හරි පියවර ගන්න ඕනෑ. අසත්‍ය හෝ කූඨ ලේඛණ සභාගත කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය පියවර ගන්න හැකිවන පාර්ලිමේන්තු වරප්‍රසාද පනත වහාම සංශෝධනය කළ යුතුයි.
බයියන් තාම කමෙන්ට් දාලා නෑ වගේ. ජාතියේ වීරයා පිල්ලෙයාන් දැන් වීරයෙක්ද?
ඇයි ඊබ්‍රහිම් ජාතික ලැයිස්තු වීරයාව මතක් වෙන්නේ නැද්ද?