
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ.
නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.
නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ කීය.
“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”
මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.
ඔවූන් දනගැස්වීමක් සිදු නොකල බවද ඇය කීවාය.
කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිසට ප්‍රණීත දිවා ආහාර වේලක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නගරාධිපතිණියවත් දණගස්සන්න ඕනෑ. මේ වගේ කාලෙක ඉතිරිවෙන කෑම ටිකක් දරුවන්ට දුන්නාම හෙණ ගහනවද? ඔවුන් හොරා කනවා ඊට වඩා... රට පත්කරපු තත්වයක්...
අම්මා කෙනෙක් නම් වෙන්න බැහැ. නියම නගරාධිපතිනියක් තමයි... මේ වගේ අය මුල්පුටුවල ඉන්න නිසා තමයි රටට කෙළවිලා තියෙන්නේ..!
ආසියාවේ ආශ්චර්යයි, සෞභාග්‍යයේ දැක්මයි පෙන්වපු හැටි... බලලෝභී, බඩගෝස්තරවාදි, දූෂිත දේශපාලුවන් ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් රටම වලපල්ලට ඇදලා දැම්මා...
ලංකාවේ පමණද මෙහෙම අමානුෂික මිනිසුන් බිහිවෙන්නේ... පාසල් සිසුවෙකුට කෑම ටිකක් දෙන්න අකැමැති...?
"නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි" අනේ අනේ මෙහෙමත් අය...!
මේ නගරාධිපතිනි, මනුස්සයෙක්ද? මේ ළමයි නෙවෙයි කෑම මංකොල්ල කෑමටම ආවා කියමු. අවුරුදු 12-13 නම් ඒ ළමයි තමා. කෑම පාර්සල් කීපයක් දීලා යැව්වා නම් නගරාධිපතිනි, හිඟමනට වැටෙනවාද?
මේ පටන් ගැන්ම විතරයි... ඊළඟට කුණුබක්කි අවුස්සන ළමයි... තැන තැන දකින්න ලැබෙයි. මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දී අපේ රට මෙච්චර හිඟන තත්වයකට පත් කරපු මිනිස්සු බලය ගන්න තවත් ගේම් ගහනවා.
කසල,වසල,අකුසල මෝඝ උත්තමාවියක්???
රාජපක්ෂවරු පවුල් පාලනයට ඇවිත් ඇතිකරපු සෞභාග්‍යෙය් ආශ්චර්යය තමයි මේ පේන්න තියෙන්නේ... රටේ බොහෝ දෙනා ඉන්නේ හාමතේ... නගරාධිපතිවරිය නම් මරේ මරු. ඇය ගැන කියන්න වචන නැහැ. ඇයගේ ක්‍රියාව ඒ තරම්ම වටිනවා. දරු කැක්කුම කියනා දේ ඇඟේ ගෑවිලාවත් නැහැ. කොහොම වුණත්, හිටපු නගරාධිපතිතුමාට බොහෝම පින් මේ අසරණ දරුවන්ගේ කුසගිනි නිව්වාට...
ඔය වගේ නගරාධිපතිලා ඉන්න නගර සභාවලටත් හෙණ ගහනවා. තූ කියලා තමයි කියන්න තියෙන්නේ... අපි ඕනේ කෙනෙක් ඉල්ලුවත්, නැතත් දන් දෙන්න පුරුදු ජාතියක්...
කළු, සුදු චරිත දෙකක රංග භුමිකාව...!
" බැල්ලක එදා කුස ගින්නේ සිටින විට ... හිමි සීවලී පෙර සසරේ උගුරෙ කට ... දමලා අත වමාරා දුන් අහර කැට ... ලැබුවේ මහත් ඵල මතු එම කුසලයට ... "
මේ වගේ තිරිසන් වැඩිහිටියෝ ඉන්න රටක් වීමත් ලැජ්ජයි... දරුවන් 5 දෙනාට කෑම ටිකක් දුන්නා නම් මොකද වෙන්නේ? මහලොකුවට සෝබනේට මහා දාන දෙන රටක්...!
මා ජීවත්වන මිලානෝ නගරයේ හිතාමතා කෑම නාස්ති කළොත් විශාල දඩයක් ගෙවීමට සිදුවනු ඇත. බඩගිනි නම් ළමයිනේ මෙවැනි තැන්වලට බලෙන් ගොස් කලබල නොකර කෑම එකක් බෙදාගෙන කන්න.
මේ නගරාධිපතිලා කොච්චර හොරාකනවා ඇත්ද?
මේක තිරිසන්නු ඉන්න රටක්...!
මේ ඔක්කොම කරන්නේ රඟපාන එක...
නගරාධිපති ඡන්දෙ ළඟ ඇති.. ඒකයි හිටපු නගරාධිපතිතුමා දන්සැලක් දාලා තියෙන්නේ... සමහරවිට එයාම ළමයි ටික යවලා වෙන කෙනෙක් ලව්වා නගරාධිපති නෝනට කෝල් එකක් දුන්නා වෙන්නත් බැරි නෑ...
කෑමවේලක් ඉල්ලාගෙන කනඑක වරදක් නොවේ. නමුත් උත්සවවලට අනාරාධිතව සහභාගි වී කෑම බීම අනුභව කිරීම ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවක් නොවේ. උත්සවවලට කෑම සකස් කරන්නේ ආරාධනා කළ පිරිසට සෑහෙන ප්‍රමාණයක් බව කල්පනා කළ යුතුයි...!
මේ සම්බන්ධව ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වී එලෙස කළ අයට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. මෙහෙම වෙන්න නොදිය යුතුයි.
කෑම ඇතිතැනක කෑමගැනීම වරදක් නොවේ. කෙසේවෙතත් ඒකට දඬුවම් කිරීම සුදුසු නොවේ. හේතුව සියල්ලන්ම තම ජීවිත ගෙනයාමට ආහාර අවශ්‍යම දෙයක්වීමයි...!
මළ පේරේත අමුණුස්සයෝ.දරුවෙකුට කෑම ටිකක් දුන්නාම මොකද වේන්නේ.?සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලයි බුදු බණ.
එතකොට, අපේ මේ ප්‍රෞඩ ජාතිය අනුන්ගේ මගුල්ගෙවල් වලින් හොරකම් කරලා කාලා හැදෙන්න බාලාගෙනද දරුවන් වදලා තියෙන්නේ..? එහෙම ජාතක කළ අය පූජ්‍ය ස්ථානවල අතරමං කරලා යන එකේ ප්‍රතිවිපාකය තමයි අපි මේ දැනුත් අත් විඳින්නේ.. හොරාකාලා බඩ පුරවා ගන්නවා නම් කොහොමද සිංහ කොඩියේ සිංහයාව නියෝජනය කරන මහා ජාතියේ අය වන්නේ...! ලැජ්ජයි කවුරු වුණත් අවලම් වැඩක් කරනවා නම්... ලැජ්ජයි! කවුරු වුණත් අවලම් වැඩක් කරනවා නම් ඒ අය අවජාතකයින්... පොඩි එක්කෙනෙක් වුණත් එයා පොඩි කාලෙම හොරා කනවා නම් එයා උසමහත් වුණත් හොරෙක්ම තමයි. බලාගෙන ගියාම මොවුන් උප්පත්තියෙන්ම හොරුනේ...
දණගස්සල විතරක් නෙවේ . පොලිසියටත් බාරදීලා. වැලිගම උන් නම් චාටර්.
මීළඟ මැතිවරණයේදී වැලිගම ජනතාවට නගරාධිපතිනියව දණ ගැස්විය හැකියි!
මේ ගැහැණිය තමන් ගැනම ලජ්ජා විය යුතුයි.
ඊළඟ සැරේ මේ උන්දා චන්දෙට ඉදිරිපත් උනාම විරුද්ද පක්ෂයට මීටින් වල කියන්න දෙයක් තිබෙනවා. නැතිනම් විරුද්ද පක්ෂ ලැබෙන සෑම අව්ස්තාවකම ජනතාවට මේ සිද්දිය මතක් කරදෙන්න.
ළමා රක්ෂණ අධිකාරිය නිශ්ශබ්ද ඇයි????
පොහොට්ටි කරුණාකර ජාතික ධනය කොල්ලකමින් හෝටල් ඉදිකරපු දකුණේ අය ගැනත් පොලීසියට දන්වන්න.
පව් වැඩ කරන්න එපා ඔයි
මෙයාවත් ඒ දරුවන් දණ ගැස්සූ තැනම දණ ගස්සන්න ඕනෑ...
ආහාර පිසින තැනක කුස්සියට අදාළ නොවන කිසිම අයෙකුට ඇතුළු වෙන්න දෙන්නේ නෑ.. සෞඛ්‍යාරක්ෂක හේතුමත. මෙතන දණ ගහගෙන හිටියා කියන්නේ මේ එක ළමයෙක්... ඒක ඇත්තමයි කියන්න සාක්කි නෑ. කුස්සියට අනවසරයෙන් එන්න ලැජ්ජාවක් නෑ. ඒත් පිරිසක් ඉස්සරහ වැඩේ දැනගත්තම ලැජ්ජයිලු... මෙතන ඒ ළමයින්ගේ වැඩේ සාධාරණීකරනය කරන්න හදන අය තමන්ගේ උත්සවයක් ශාලාවක තිබුණු දාට අනාරාධිතව එන අයට කන්න දෙන්න කැමැතිද? මේ වගේ සිද්ධියක් වෙච්චි ගමන් හිටපු නගරාධිපති එතැනට ආවේ කොහොමද?
තමන් ගැනම ලජ්ජා විය යුතුයි.
සතෙකුට හරි කන්න දෙන මිනිස්සු නම් ඔහොම කරන්නේ නෑ. ඒ ළමයි වැරැදියි කියලා කිව්වත්, ඔය වයස්වල ඉන්නවා අනන්තවත් ළමයි. අද කාලේ හරියට ආහාර වේලක් බඩට වැටෙන්නේ නැති... ඔය වගේ තැන්වල ප්‍රණීත අහාර උත්සව වලින් පසුව ඉතුරුවන බව දන්නා නිසාම යන්න ඇති. ඔවුන් ළමයි. ඒ අයත් කැමැතියි රසට කන්න. ඔතැන හිටපු අයට ඒ ළමයින්ට කෑම ටිකක් කන්න දුන්නා නම් මොකක්ද වෙන අඩුව... ඒක පිනක්. මට නම් හරිම කණගාටුයි.. මේ සිද්ධියට ළමයින්ව පොලිසියට ගෙනියන්න තරම් මිනිස්සු පහත් වුණාද කියන එකට..
පොඩි ළමයිනේ, ඔහොම තමයි, අපේ ඉස්කෝලේ, පල්ලියෙ වෙඩින් එකකට ගිහිල්ලා බීම ඉල්ලන් බීලා තිබුණා. ඒ මිනිස්සුත් දීලා. ඕවා ජොලියට කරන වැඩ. හැබැයි ඉතින් චුට්ටක් බැන්නා. නැත්තන් පුරුද්දක් කර ගන්නවානේ..!
එක එක තැන්වල එක එක මාතෘකා , සමහර තැන් වල තියෙන්නේ අනාරාදිතව ආවා කියලා . මොනවා උනත් එහෙම හොරෙන් එන එක ආරක්ෂාව ට ත් තර්ජනයක් . ඕක සාධාරණීකරණය කලොත් කාටවත් මගුල් ගෙයක් ගන්න බැරි වෙයි. අද ළමයි හෙට ලොකු එවුනුත් එයි . ළමයි හැමදාම ඕක කරන්න පටන් ගනී.
ඉතිරි වෙන කැම ඌරන්ට නොදා , මේ ලමඉන්ට දෙන එක කොච්චර පිනක් ද? මෙයා නම් මහ ලෝබ කුනු කෙනෙක්, මුන් මේ නගර සබාවෙන් කොච්චර හොරා කනවද?