( නිශාන්ත කුමාර )

වියළුව අධ්‍යාපන කලාපයට අයත් මීගහකිවුල  බලගොල්ල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියෝ සියයකට ආසන්න පිරිසක් අද (03) උදෑසන එම  පාසල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

බලගොල්ල විද්‍යාලයේ සේවය කළ   විදුහල්පතිනියට ස්ථාන මාරුවීමක් ලබාදී ඒ වෙනුවට වෙනත් විදුහල්පතිවරයකු පත්කිරීමට විරෝධය දක්වමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.  

හිටපු විදුහල්පතිනිය පාසලේ දියුණුවට විශාල සේවයක් කළ බවත් ඇය පාසලට අවශ්‍ය බවත් ඔවුහු කියා සිටියහ.

  ඇය ලබාදීමට නොහැකි නම් මේ වන විට පත් කර ඇති විදුහල්පතිවරයාද ඉවත්කොට ඒ වෙනුවට නව විදුහල්පතිවරයෙක් පත්කර දෙන්නයි ඔවුහු ඉල්ලා සිටියහ .