
(ඉන්දිකා රාමනායක)
මීගමුව සහ මහර යන බන්ධනාගාරවල රැඳවියන් බැඳීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත්, ඇය සමඟ සමීපව කටයුතු කළ පිරිසක් නිරෝධායනයට යොමුකිරීමේ සිද්ධියත් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
නැවත දැනුම් දෙන තුරු කිසිදු ඥාතියෙකුයකුට රැඳවියන් බැලීම සඳහා අවසර නොදෙන බවදරැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බව ද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd