
(ඉන්දිකා රාමනායක)
දිවයින පුරා සිදු වු මාරක රියඅනතුරු වලින් ඊයේ (26) දිනය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකෙ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මින් 9 දෙනෙකු පසුගිය දින කිහිපයක තුළ සිදු වු රියඅනතුරු වලින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදී ඊයේ දිනය තුළ මියගොස් ඇති බවත්, සෙසු සිව් දෙනා ඊයේ දිනය තුළ සිදු වු රිය අනතුරු වලින් මියගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය.
මියගිය පිරිස අතර යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් හා පදිකයින් සිටින බවද හෙතෙම කියා සිටියේය.
මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා රියදුරන්ට එරෙහිව රථවාහන නීති රීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට රථවහන පොලිස් මුලස්ථානය දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද හෙතෙම කීය.
කොවඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය කාලය සීමාව තුළ මහජනයා සංචරණයන් සීමා කළ බවත්, වර්තමානයේ එම ක්‍රියාකාරකම් වල යම් යම් ලිහිල් කිරීම් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන වල වැඩිවීමක් දැක්නට ලැබෙන බවත්, ඒ අනුව රථවහන අනතුරු වලට වැඩිවීමක් දක්නට ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.
රථ ධාවන කරන අවස්ථාවේ මාර්ග නීති පිළිපදිමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන ලෙසට සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ කොරෝනා වලින් මරුනේ 14 යි .නොසැලකිලිමත්කම, මාර්ග නීති නොපිලිපැදීම, අධික වේගය, බීමත්කම නීති දැඩි කරන්න