
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී ඉකුත් (14) දා රාත්‍රී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර එහිදී මීගොඩ නාගහවත්ත පාර අංක 231 / 01 හි පදිංචි නලින් සඳුන් කල්දේරා නොහොත් (බබා) නමින් හඳුන්වන (32) හැවිරිදි සමෘද්ධි අමාත්‍යාංශයේ කාර්යාල කාර්යය සහායකයෙකු මියගොස් තිබුණි.
ඒ ඔහුගේ ඥාති නිවසක පැවති සාදයක් නිමවා සිය බිරිඳ හා බිළිදු දරුවා සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදීය.
මීට අමතරව පනාගොඩ , පැලෑදගොඩ පාර , රණවිරු ගම්මානයේ නිවසකට ඉකුත් 18 දා අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් නිවස දෙසට වෙඩි තබා පලා ගොස් තිබු අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොතිබූ අතර නිවසේ ජනේලයකට හා බිත්තියකට පමණක් සුළු හානි සිදුව තිබුණි.
පසුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හයදෙනෙකු ටී 56 වර්ගයේ ගිනිි අවියක්, උන්ඩ විසි හයක් , මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් , උන්ඩ 10, ත්‍රී රෝද රථයක් යතුරුපැදියක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබුණි.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකම මීගොඩ පදිංචි පුද්ගලයකු විසින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ අනුව ඔහු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට