
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මහජනයාගේ බදු වල හැම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා එම පියවර ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය. කැබිනට් මණ්ඩලය වගේම මන්ත්‍රීවරුන් එවැනි පියවර ගෙන ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට කොළඹ ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
රටේ බදු ගෙවීමේ මැලිකමක් තිබෙන බව විවිධ සංඛ්‍යා ලේඛන වලින් ඔප්පු වෙනවා.ඊට හේතු වෙලා තියෙන්නේ කුමක්ද? එකක් අපේ දේශපාලන අධිකාරය.දේශපාලන අධිකාරිය විසින් අප රටේ බදු මුදල් පරිහරණය කරන ලද ආකාරය පිළිබඳව බදු ගෙවන්නන්ටත් පොදු ජනයාටත් විශාල විවේචනයක් තිබෙනවා.මේ රටේ බදු ගෙවන්නන්ගෙන් එකතු කරගන්නා මුදල් දේශපාලන අධිකාරිය විසින් නිසි පරිදි අත්‍යවශ්‍ය දේ සඳහා යොදවනවා යන පණිවිඩය මුලින්ම බදු ගෙවන්නන්ට ලබා දිය යුතුයි.ඒ වගකීම මටත් අමාත්‍යංශ වලටත් දේශපාලන අධිකාරියටත් පැවරී තිබෙනවා.
ඔබ ගෙවන කිසිම බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවට මා සහතිකයක් ලබා දෙනවා.
ජනාධිපතිවරයා ලෙස මට ජනතාවගේ බදු මුදල් වලින් යම් වරප්‍රසාදයක් ලබා දී තිබෙනවා.අමාත්‍ය මණ්ඩල තීරණ විසින් යම් වරප්‍රසාද ලබාදී තිබෙනවා.මේ වන විට අප ඒ වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැර දමා තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, කලින් අය වගේ ආණ්ඩුව කරන්නකෝ. පිටරට සුපිරි කෑම, බීම, වාහන ගන්න. එතකොටනේ බදුගෙවන ජනතාවට ලොකුකම පෙන්නල යන්න පුලුවන්. දවසට කජු කිලෝ දහයක් විතරවත් කන්න.
එහෙම කරලා අනිත් අමාත්‍යාංශ වලින් වියදම් පිරිමහගන්නවා. ජනතාව ඇන්දවීම තවමත් ඉවර නෑ නේ?
ඔහොම නෙමෙයි දිළින්දන් උනත් කැමති සමුළුවලට ඵහෙම යනකොට පවුල්වල සනුහරේ ඔක්කෝම ප්ලේන්වල පුරෝගෙන විදේශ රටවලට එන්නකෝ, මැඩම්ලා පැරිස් වල මිල අධික සාප්පු සවාරි යනවා අපේම ඇස් දෙකෙන් ආයේ දකින්න.
ඔන්න වැඩ බලාගන්න. අම්මලා කුස්සියේදී හාල් මිට මිට ඉතුරු කරනවා වගේ. අර සැප වාහන සේරම පොඩි ගාණකට වික්කා. ඒ සල්ලිත් මහ ජනතාවට. දැන් මේ ඉතිරි කරන සල්ලිත් මහ ජනතාවට. තව ටික දවසකින් බදු අඩු කරනවා. විදුලි බිල අඩු කරනවා. රට සුරපුරයක් වෙනවා. මං වගේ මාලිමා ගැත්තන්ට හරිම චූන්....
මම නම් කියන්නේ අනුර මෝඩයි, හරියට දකුණු කොරියාව, සිංගප්පූරුවේ, ජපානයේ, චීනයේ, තායිවානයේ වගේ මෝඩ පාලකයින් හිටිය රටවල්. ලංකාවේ ඉන්න ඕනේ හිටපු අය වගේ හරිය හයිටිය, උගන්ඩාව, සුඩානය සහ සිරියාවේ වගේ ආණ්ඩු. ලංකාවේ තාමත් බහුතරයක් කැමැති ලංකාව හයිටිය වගේ දියුණු වෙනවට වඩා මිස සිංගප්පූරුව වගේ දුප්පත් වෙන්න නෙමෙයි. (ලංකාවේ අයට පෙන්නේ අනිත් පැත්ත හින්දා එහෙම දැම්මේ...)
ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔබතුමාගේ වැය ශීර්ෂය නොවේ , රජයේ දිනක වියදම රුපියල් බිලියන 7 කි අදායම බිලියන් 5.5 කි , අර මම කලින් කිව රුපියල් බිලියන් 7 න වැඩි හරියක් වියදම් වෙන්නේ රටට අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවකයන් නඩත්තු කිරීමටය , මොවුන් ගෙන් කොටසක් ඉවත් කර හෝ ප්‍රතිවියුහගත කරගත යුතුය , කාර්යක්ෂම රජයසේවයක් ජනතාවට සැපීමට ඔබ සමත්වේද නැද්ද කියන කරණය මත රටේ ඉදිරිගමන තිරනයවේ
ජයමංගල ගීත වල ඉඳලා කාපල්ලා , ජනතාවට ලබාදුන්න එක දෙයක් කියන්න බලන්න … අනේ , නිකං පච ඇදබාන්නේ නැතුව ඉන්න
පච ලාබයි ගන්න මහතුනේ
ඊළඟ චන්දේ එනකන් මිනිස්සු මග බලාගෙන ඉන්නේ, මෙයාගේ පරම්පරා ලකුණත් කප්පාදු කරන්න !
රටම මේ වන කොට ඔබතුමා සහ හෙංචයියන් විසින් කපා දමා ඇති කොට තව වෙන මොන කතාද?
ඔබ කරගන්නා එය විශාල පිනක්. රටේ බදු මුදල් අය කරන්නේ රටේ දියුණුවට සහ යම් අභිලාශයන්ටයි. පසුගිය කාලයේ එම බදු මුදල් දේශපාලකයින්ගේ සුඛ විහරණයට යෙදූ නිසා රට අගාධයට වැටුණි. මහ බැංකුවේ රත්තරන් මුදල් සොරකම් කර අපට සුමිහිරි කතා කිවූ බව අමතක නොවුණි...
රටක ජනධිපතිවරයෙකුගේ කාලය ඉතා වටිනවා ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබෙන්නත් ඕනේ එමනිසා ඔහුට ත්‍රිරෝද රථයක හෝ පාරේ බස් එකේ ගිහින් රාජකාරි කරන්න බැහැ , ඔහු හොඳ වහනෙක යන්න ඕනේ සමහරවිට දුර ගමනක් හෙලිකොප්ටරෙන් යන එකත් ලාභදායක වෙන්න පුළුවන් ඔහු අවංකව , දුෂණයෙන් තොර රාජකාරියක් කරනවා නම් ඔහුට හොඳ වැටුපකුත් ලැබෙන්න ඕනේ නමුත්. ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔබතුමාගේ වැය ශීර්ෂය නොවේ , රජයේ දිනක වියදම රුපියල් බිලියන 7 කි අදායම බිලියන් 5.5 කි , අර මම කලින් කිව රුපියල් බිලියන් 7 න වැඩි හරියක් වියදම් වෙන්නේ රටට අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවකයන් නඩත්තු කිරීමටය , මොවුන් ගෙන් කොටසක් ඉවත් කර හෝ ප්‍රතිවියුහගත කරගත යුතුය , කාර්යක්ෂම රජයසේවයක් ජනතාවට සැපීමට ඔබ සමත්වේද නැද්ද කියන කරණය මත රටේ ඉදිරිගමන තීරණය වේ... මසකට අපේ ණය පොලි ගොඩට රුපියල් බිලියන 45 පමණ අලුතෙන් එකතු වෙනවා. ඔබගේ වියදම් ඉතා අඩුකරගන්න එකට මගේ ආචාරය පුද කරමි. නමුත් ඔබ ජාතික සම්පත් කියමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි මහජන මුදලින් නඩත්තු කරන එකට මගේ විරෝධය පලකරමි.
කප්පාදු කරපු ලිස්ට් එක දැම්මා නම් හොඳයි. මොකද අප දන්නේ ජයමංගල ගාථා සහ රණවිරු උපහාර වියදම් ගැන විතරයි...
පයබරවාට පිටකර බෙහෙත් බඳිනවා කියන්නේ මෙන්න මේවාට තමයි...
අපට මේ ආණ්ඩුවේ අවුරුද්දක වැඩකිඩ බලාගන්න තව ස්වල්ප කාලයයි තිබෙන්නේ..., තව එක කාර්තුවකින් ජනාධිපති ධුර කාලය අවුරුද්ද සමරනවා. කාලය ඉතාම වේගයෙන් යන්නේ, ඔය ආණ්ඩුව අලුත් පිට තාම පුරුදු වෙනවා. තාම මේ පත්කළා විතරයි කියපු කතා දැන්... යල්පැන ගිහින් දැන් අපට ඕනෑ වැඩ... වියදම් කැපිල්ල හොඳයි, ඒත් ඔය වියදම් හූණු බිජ්ජක්. පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව රුපියන් බිලියන සිය ගණනක් ඒවගේ පාඩු තියාගෙන සුළු සුළු මුදල් කැපිල්ලකින් ආර්ථිකයට දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. හොරකම් නැවැත්තුවා කිව්වත් රජයේ ආයතනවල පාඩුව තවම එහෙමමයි.. ඉතින් ඒවාට දැනෙන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.
ඉංග්‍රීසි කියමනක් තියෙනවා පීටර්ගේ ණය ගෙවන්න පෝල්ගේ සල්ලි හොරකම් කරනවා කියලා. රජයේ වියදම් සහ පුරවැසියාට ලැබෙන ප්‍රතිලාභ සංසන්දනය කරනකොට, අපි මුළු වැඩකට නැති ආණ්ඩුවම කාර්යක්ෂම රටකට බාර දෙනවා.
ඉතාම හොඳයි... NPP ආණ්ඩුවට ජයවේවා... රට බංකොළොත් කරපු හිටපු සෙට් එකටම හෙණ 7ම වදින්න ඕනෑ...
සිල්වා මහතාගේ කතාව සහතික ඇත්ත මගේ වැටුප මසකට ලක්ෂ එක්ලක්ෂ හැට දහසකි..., ඒකෙන් දරුවන් 3 දෙනෙකුගෙන් යුතු පවුලක් නඩත්තු කරන්න ඕනේ... ගෙවල් කුලී 25000 ගෙවන්න ඕනේ , යතුරු පැදියේ ලිසිං වාරිකේ 21000 ගෙවන්න ඕනේ, යතුරු පැදිය නැතිව වැඩට යන්න බැහැ... රෑට පාරේ බස් නැහැ , ජීවත් වෙන්න වැටුප මදි..., යන්තම් රෝල ගහගන්නේ වසර 3කට පෙර ගමේ ඉඩමක් විකුණලා දමපු ලක්ෂ 30ක ෆික්ස් ඩිපොසිට් එක නිසා, ඒකට දැන් ලැබෙන්නේ සොච්චම් පොලියක්... ඒකටත් ටැක්ස් කපා ගන්නවා. මම ජීවිතේට ගුවන්තොටුපලේ රථ ගාලෙන් එහට ගිහින් නැහැ... ඉතා අමාරුවෙන් උපයන මම ඇතුළු බොහෝ දෙනෙකු ගෙවන බදු සල්ලිවලින් ශ්‍රී ලන්කන් කියන සුදු අලියා නඩත්තු කරන්න කටයුතු කරන එක ඉතා අසාධාරණ නේද ජනාධිපතිතුමා, ඔබතුමාගේ පුත්‍රයා එකේ වැඩ කරන එක වෙන කතාවක්...!
සිල්වා මහතා කියන කතාව සත්‍යයක්ද? මසකට රුපියල් බිලියන 45 අලුතෙන් ණය ගොඩට එකතු වෙනවාද? ශ්‍රී ලන්කන් එකෙන් ඔය කියන තරම් විශාල පාඩුවක් සිදු වෙනවාද? රජයේ සේවය නම් විශාල අවුලක් බව ඕනෙම කෙනෙකුට පෙනෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පාඩුව 2008 සිට අද දක්වා ඩොලර් මිලියන 1075 කි
සිහිනෙන් පමණක් බොරු නොකියන...!
වැය ශ්‍රීර්ෂ පමණක් නොවේ , අපට පේනවා මුළු රටම කප්පාදු කරලා තියෙන්නේ. ඔහොම යන්