(නිමල් ජයරත්න)
මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
බකමූණ නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටින ගොවීන් හමුවීමට ගිය හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව ගොවිතැනට පොහොර ලබා දෙන ලෙසට බලපළකරමින් ඉකුත් 24 වැනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කළේය.
ගොවි උපවාසයට අදට දින අටක් ගත වී ඇතැයි ගොවීහු එහිදි හිටපු ජනාධිපතිවරයා කියා සිටියහ.
ගොවීන් හමුවූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.
මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර එල්ල කරනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා කිවුවා . ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැහැ.
ගොවියකු මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්. නැවත බලයට පත්වුව හොත්වී ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.
තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත්දුරටත් සඳහන් කළේය.
ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන්නේ නැහැ ,ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොරවලින් සීයට 50කින් පමණ බව ද සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
තමා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණ බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමුවරට මිනීපෙට්ටිවලට පවා තමා කර ගැහූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කාලේ නොවුනේ පුරුෂ ලිංගේ කපලා ස්ත්‍රී ලිංගෙට සෙට් කොරන්න බැරි වෙච්ච එක විතරයි. අනින් ඔක්කෝම උනා... තවත් අපට ආතල් දෙන්න ට්‍රයි එක...
අනේ පව්. ආපහු පාරක් එන්නයි කල්පනාව. මේ හිටපු අයයි, ඉන්න අයයි ආපහු ආවොත් අපේ රටට කාගේ පිහිටක්ද.
අම්මට සිරි ආයෙත් ඇවිල්ලා .මොලේ පිස්සුවක් තිබුනා නේද ඒ කාලෙත් .අම්මෝ බඩේ සයිස් එක .හොඳට ආණ්ඩුවෙන් කාලා ඉල්ල ගෙන
මේරටේ හැමදාම වගේ තිබුනෙ පොරොන්දු දේශපාලනයක්. නිදහස ලබා අවුරුදු 75 කට ආසන්න වුනත් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්න ලැජ්ජයි .ඇත්තටම රටක් සංවර්ධනය කිරීමට අවුරුදු 75 ක් අවශ්‍යද.දැන්වත් පොරොන්දු දේශපාලනය නවතා ජාතික ප්‍රතිපත්ති සකසා රට සංවර්ධනය කරපල්ලා.නායකයා වැරදි කිරීම විවේචනයට ඉඩදියල්ලා.කැබිනට් එකේදිත් හරිවැරැද්ද කියන්න වැරදි පෙන්නන්න ඉඩදී රට හදපල්ලා.විපක්ෂය වුනත් හරි දෙයක් කියනවානම් පිලිගනිල්ලා.
මම ආපහු එන්නේ නැහැයි කිව්වේ හීනෙන්ද .....
කමක් නෑ. හදපු ආසියාවේ ලොකුම වකුගඩු රෝහලට ලෙඩ්ඩු ඉන්නත් ඕනෑ ඇතිනේ...
මේ කවුද ? මොනවද මේ කියවන්නේ? ඔබ කතාකළ මඩු වල්ගය මේ වනවිට ගොවි ජනතාව අතට පත්ව තිබේ. ඔබලා වැනි දේශපාලකයින්ට රැවටී ඡන්දය දෙන්නට කිසිවකු සූදානම් නැත. ඉදිරි මැතිවරණයේ කතිරයේ බලය වෙනසක් වෙනුවෙනි. බොරු පොරොන්දු රැවටුණු දේශපාලනය අවසන්කොට ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙනි. ජනතාවට අවශ්‍ය වෙනස ජනතාව විසින්ම ලබාගත යුතුව ඇත.
ඔව්, මගේ ආණ්ඩුවක් යටතේ මගේ මල්ලි ඩඩ්ලිව සහල් ඇමති කරනවා...
ගොවියන්ව අමාරුවේ දාන්නේ නැහැ... මොකද මගේ ආණ්ඩුවක් එන්නෙත් නැහැනේ... ආණ්ඩුවක් නොවේ සිරිසේන මහත්තයෝ ... පක්ෂ නායකකම බේරාගන්න බැලුවා නම් නේද හොඳ?
පස්සෙ කියයි... ඒකත් මම දැනගත්තේ මාධ්‍යයෙන් කියලා...
විහිළු සපයන්න එපා මහත්තයා. 2015 ඉඳලා ආණ්ඩුව කලේ අපිද? අයියත් එක්ක හවුල් වෙලා මොකද කළේ... උණවටුනේ හෝටලේට ලී අලි ගෙනාවේ කොහෙන්ද?
ලැබුණ වෙලාවේ හරියට කළානම් දැන් ඕවා කියවන්න වෙන්නේ නැහැනේ. අනෙක බලය ලැබුණාම කාට වුණත් අවුල් යනවා... දැන් ඉතිහාසය පුරාම අපි ඕක දැකලා තියෙනවා.
බොහොම හොඳයි... දනුත් ඔබ ඉන්නේ ආණ්ඩුව සමග නේද? ඔබත් මේ සියළු ප්‍රශ්නවල කොටස්කරු බව අප දනිමු...
මගේ ආණ්ඩුව කියන්නේ මොකක්ද? හිටපු එකද හිටං ඉන්න එකද, එන්න තියෙන එකක්ද? අපි මඤ්ඤං වෙනවා දොරේ...
බලය ලැබුණුදාට ගොවියෝ අමාරුවේ දාන්නේ නැහැ. බලයට තියෙන කෑදරකමට බලය ලබාගන්න පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාරයක් දියත් කරනවා.
හොරු ආරක්ෂා කරපු අය ඉන්නකොට ඔහොම තමයි.
මොන අඩුපාඩු තිබුනත් ජනතාවට සමීප ජනතා දුක හඳුනන නායකයෙක්.
ආයෙත් කිසිදාක ඔයාට ආණ්ඩුවක් දෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ. දවල් හීන දකිනවා.
මදිද බලයේ හිටපු කාලෙ කරපුවා. හොරු මිනිමරුවෝ අපරාද කාරයෝ අධිකරනයට ගෙනියන එක වැලක්වූවා. ආන්ඩු පෙරලන කුමන්ත්‍රන කලා.. මන්දිර මිලදී ගත්තා. සහල් මාෆියාව නිර්මානය කරන්න ඉඩ දුන්නා. පාස්කු ප්‍රහාරයටත් නම ගෑවිලා නේද තියෙන්නේ?
ආයේනම් හොර සෙට් එකට නොදෙමි ජේවීපී පමණයි.
ඔය පිළිතුරක් නොවේ නිවට ප්‍රකාශයක් පමණයි
මෙයාට ආණ්ඩු කරන්න මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. පාස්කු ප්‍රහාරයේ නින්දිතයෝ දවස ගානේ මැරී මැරී උපදිනවා... හරි නම් මෙය ඉන්න ඕන හිරේ. හොරු අල්ලලා හිරේ දානවා කියපු කෙනා අන්තිමට රටම පාවාදීලා හොරපාරෙන් ආයි පාර්ලිමේන්තුවට රිංග ගත්ත. අපේ රටේ ඡන්ද දායකයෝ මොනතරම් මෝඩද?
සියලු සම්භාවිතාව හැර හිටපු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන ගොවි පුත‍්‍රයකු වන අතර පළමු අගමැති වන විට ඔහුගේ පවුල වෙනත් ස්ථානයකට ගොස් තිබුණි. සේනානායක මහතා උතුරුමැද සහ අනෙකුත් දිස්ත්‍රික්කවලට ගොස් ගොවිතැන ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය ආරම්භ කළේය, මේ වචන වෙනත් දේශපාලනඥයෙක් දන්නේද? කඩදූව, කුරුලු පාළුව, එලමග, බණ්ඩි ගොයම්, කුඹහ, ගොන්පාස්.
ජීවිතේ කවදා හෝ කරපු කුමක් හෝ කුසලයකට තමුන්ට ජනාධිපතිකම ලැබුණා.. පිනට ලැබුණා. ඒ ජනාධිපති සටනෙන් දිනන්න තමුන් ප්ලේන්ටියකටවත් වියදම් නොකරපු බව කවුරුත් දන්නා රහසක්... එහෙම ජනාධිපතිකම ගත්තු දවසේ ඉඳන් තමුන් කරේ කකුල් ඇදීම්. තමුන් නූගතෙක් උද්දච්ච මෝඩයෙක් බව දිනෙන් දින ඔප්පු කරා. ඒ දවස්වල යහපාලන ආණ්ඩුවක් හරියට කරගෙන යන්න ඉඩදීලා තිබ්බොත් අදත් තමුන් ජනාධිපති. දැන් ඉන්න බයියෝ කියනවා සිරිසේනගේ කාලේ බඩු මිල මෙච්චරක් වැඩි නැහැලු. සිරිසේනගේ ආණ්ඩුව මීට වඩා හොඳයිලු. හැබැයි බයියෝ ඒ ආණ්ඩු තියෙන කාලේ කිව්වේ රනිල්ගේ ආණ්ඩුවක් කියලා...! කුමක් හෝ වරදක් සිදුවුණොත් ඒක යූ.එන්.පී / රනිල්ගේ ආණ්ඩුව... මොකක් හරි හොඳක් වෙලා තිබ්බොත් ඒක සිරිසේනගේ ආණ්ඩුව...
ආයෙමත් බලයට එන්නයි හිතන් ඉන්නේ. ආයෙමත් මේ රටේ ජනතාව මේ අයට බලය දෙන්නේ නැහැ නැහැමයි. කරපු කෙරුවාව දැන් දැන් අමතකවී එන හැඩයි .ඒත්, රටේ ජනතාවට නම්, කිසිවිටෙක අමතක නොවන බව මේ අය හොඳින් දැනගත යුතුයි. නිෂ්ඵල බාල බොළඳ දේශපාලකයන් වෙනුවෙන් අපේ වටිනා කාලය තවත් නාස්ති කළයුතු නැහැ.
මේ විහිළු නොකර ඉන්නකෝ. ඔයාට ආණ්ඩුව දුන්නම මොකද කලේ.?
අවුරුදු 2ක් නින්දේ ඉඳලා පුතන්ඩියට ආසනය හදන්න ඇවිල්ලා.
හරියට අද මෙයා විපක්ෂයේ ඉන්න වගේ මෙයාගේ මේ කතා. ජනතාවගෙන් වරම ගත්තේ මේ කයිවාරු අහන්න නොවේ. කොන්දක් තියනවා නම්, ආණ්ඩුවෙන් එලියට එන්න කෝ?
බුදු අම්මෝ ආපහු එනවද?
ගල් ආඳා ආපහු සෙට් වෙන්න යන්නේ ලැජ්ජා නැතුව
ඔහෙ ගොවිකම දන්නෙත් නැහැ ,රජ කම දන්නෙත් නැහැ .නිකන් ඉන්න කයිවාරු ගහන්නේ නැතුව
මෙයාට ආණ්ඩුවක් දෙන්න බූරුවන්ම ඉන්න ඕනේ. තවත් පාස්කු ප්‍රහාරයක් ඕනෙම නෑහෑ
ඇයි යහපාලන කාලයේ පිස්සු කෙලියා මදිද
හි හී ...
අපි මැරිලා උපන්නේ නැහැ...
දවස් 51 හොර අගමැති පත්කරගෙන ඔබ නටපු තොවිලයේ ඵලවිපාක තමයි මේ... කතා කරන්න එපා... එයා නම් ජවිපයට තමයි ඡන්දෙ දෙන්නේ...
ඔයාගේ ආණ්ඩුව යටතේ ගොවියා පමණක් නොව මුලු රටම අමාරුවේ වැටුණා... මේ ආත්මෙදී ඔයාට නැවත ආණ්ඩු පිහිටුවන්න බෑ. සහල් මාෆියාව හදාගෙන අපේ බත් පතෙනුත් සූරාකන හොරුන්ට ඡන්දෙ දෙන්න තරම් අපි මෝඩ නැහැ..
විකාරද ඔයාට?
මේවා වෙන දේවල් නොවේ... ඔහු සිහින මවනවා.
අන්තීම කාලයේ අධිකරනයෙන් මරනීය දන්ඩනය හිමි වූවකුටත් ජනාදිපති සමාව දිලා ගියා හිටන්. එය කොපමන වැරදි ද.?
ඔබතුමාගෙ කාලෙදි රටේ මුදල් ඇමති කුඹුරු ටික ගොඩ කරල ඉන්දියාවෙන් හාල් ගෙන්නන්න කතා කරේ..
කවුද ආයේ ජන්දයක් දෙන්නේ කල් ඉකුත් වූ පඹයන්ට.
ඔයාගේ කාලයේදී අගමැති කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරනවා කිව්වා. ඔයා අඩුම තරමේ මම ඒක දැක්කේ පත්තරෙන් කියලා කිව්වද? කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකළාම ගොවියාට වෙනදේ දන්නේ නැතිද?
මගේ ආණෟඩුවක් ? මොකද්ද මේ කියන්නෙ
සිරිබිරිස් කියන්නේ කටකාරයෙක් විතරයි.