(කාංචන කුමාර ආරියදාස)
රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බව ජනතාව පෙන්වා දෙති.
පසුගිය කාලයේ සාමාන්‍ය මුඛ ආවරණයක් රුපියල් 10කට අලෙවි වුවද එවැනි මුඛ ආවරණ රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ මිල ගණන් යටතේ සඟවාගෙන අලෙවි කරන බවටද ඔවුහු චෝදනා කළහ.
දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ඔසුසල් රැසකට ගොස් විමසීමේ දී එහි හිමිකරුවන් සහ වෙළඳ සහායකයින් කියා සිටියේ අධික ඉල්ලුම නිසා තොග සියල්ල අවසන් වී ඇති බවය. මුඛ හා නාස ආවරණ ගෙන්වන ආයතනවලින් පවා ඇනවුම් කළ ද ඒවා නොමැති බව දැනුම් දී ඇති බව වෙළඳසැල් හිමිකරුවෝ කීහ. මුඛ හා නාස ආවරණ සොයා වෙළඳසැල්වලට එන ජනයා කලකිරීමට පත්ව යන බවද වෙළෙඳසැල් හිමියෝ පැවසූහ.
විදේශීය සංචාරකයන් මෙම තත්වය වාර්තා වීමත් සමග මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට උනන්දුවක් දැක්වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් රට ගැන පවා දැඩි කලකිරීමෙන් යුතුව කතා කරන බවද සංචාරක මග පෙන්වන්නෝ කියාසිටියහ. සීගිරිය දඹුල්ල හබරණ ආදී ප්‍රදේශවල විදේශීය සංචාරකයන් මේවා මිලදී ගැනීම වැඩි වී තිබෙන බවත් ඔවුහු කීහ.
ජනතාව කියා සිටියේ දින ගණනාවකට පෙර සිට මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වෙද්දි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව රජය කටයුතු කළ යුතු බව ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටු කල වල ඉහගන්න අපේ කට්ටිය හරිම සමත් කියලනේ කියන්නේ.
මේක හදිසියේ ඇති වුන තත්වයක්. ෆාමසි වල තියාගන්නේ සාමාන්‍ය තොගයක්. සැපයුම් කරුවන් ගාව උනත් එතරම් ලොකු තොග නැතිව ඇති.
මේ මුඛ ආවරණ ගෙන්වන්නෙත් චීනෙන් නේද ? ඇයි මේවා මේ රටේ නිපදවන්න කවුරුවත් නොහිතන්නේ ? වායු දුෂණය කියන එක ලෝකේ පුරාම දවසින් දවස ව්‍යාප්ත වෙමින් යනවා මදිවට දැන් අපේ රටෙත් වායු ගෝලයේ දුව්ලි අංශු ප්‍රමාණය වැඩි වෙලා. ඒ කියන්නේ අපිත් ඉන්නේ තර්ජනයක් ඇතුලේ … එහෙම නම් අපි මීට වඩා අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු නැද්ද ?? අනතුර ගේ දොරකඩ ට ඇවිත් මැද සාලෙටත් ඇවිල්ල තවමත් අපි උඩ බලාගෙන ඉන්නවා ..
පාදෙණිය මහත්තයා ජී එම ඕ අ එකේ ඉල්ලීම් ගැන කල්පනාව කරනව ඇති. ඒ හින්ද මුඛ ආවරණ ඕඩර් කරන්න තරම් කල්පනාවක් නැතුව යන්න ඇති. මෙතෙන්දි ඔන්න පොල් ඇමතිට ලකුණු දාගන්න චාන්ස් එකක් තියෙනවා. බූ මටුළු වලින් මුඛ ආවරණ හදන්න පුළුවන්ය කියන්න. ගමේ ගොඩේ රා පෙරන්න එහෙම ගන්නෙත් බූ මටුළු නොවැ. ඇමතිවරු ගේන යෝජනාවල හැටියට මේක ඉස්තරම් එකක් බව මන්ඩලේම පිළිගනීවි.
මුඛ ආවරණ නැත්නම් දැනට ලොකු ලේන්සුවක්වත් ආවරණය කරගන්න.
මනිඅක්ඛිත නාගරාජයා කැළණිගඟෙන් මුඛ ආවරණ ගෙනත් දෙයි.
රජයට කොහෙන්ද ඕවට වෙලාවක්. ඊළඟට කාවද නඩුවකට පටලන්නේ, හඬපට වලට මොකද කරන්නේ? දුමින්දව එළියට ගන්නවද, නැද්ද? ඊළඟ සතියට ජනතාවට මොකක්ද සපයන විහිලුව වගේ දේවල් ගැන හිතන්න එපැයි. අපිට අපේම පිහිට තමයි...
මුඛ ආවරණ නොමැත කියලා රාජ්‍ය ඔසුසලේම දැන්වීම් දාලා.