
දකුණු සහ මධ්‍යම මෙක්සිකෝවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් 12 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූමිකම්පාව නිසාවෙන්, මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ වසරේ පළමු ප්රවෘත්ති සාකච්ඡාවට බාධා ඇති වු බවද විදෙස් මාධ්‍ය පවසයි.
රික්ටර් මාපකයේ 6.5 ක භූමිකම්පාවේ කේන්ද්‍රය නිරිතදිග ප්‍රාන්තයේ ගුවෙරේරෝ හි සැන් මාකෝස් අසල ජනප්‍රිය සංචාරක නගරයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබු බව වාර්තා වේ.
ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වූ බව එරට ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය වාර්තා කළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක සහ 60 හැවිරිදි පුද්ගලයකු බව එරට බළධාරීන් විසින් කවුරු කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙක්සිකානු භූ කම්පන අනතුරු ඇඟවීමේ පද්ධතිය ඇසීමෙන් පසු, පදිංචිකරුවන් සහ සංචාරකයින් මෙක්සිකෝ නගරයේ සහ ඇකපුල්කෝහි වීදිවලට පැමිණි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(අන්තර්ජාලය ඇසුරෙන්හ සිනි නවෝද්‍යා)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.