
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම වසරේ ජනවාරි මස සිට අද (11) දින දක්වා දිවයින පුරා වෙඩිතැබීම් සිදුවීම් 66 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
ඒ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් සිද්ධීන් 48 කි. එයින් පුද්ගලයන් 37 කු මියගොස් තවත් පුද්ගලයන් 37 කු තුවාල ලබා ඇත .
පානදුර පොලිස් කොට්ඨාසය තුළ පමණක් ගෙවුණු මාස දෙකහමාර තුළ පානදුර දකුණ සහ හිරන පොලිස් වසම් වල වෙඩි තැබීම් පහක් සිදුවී එක් අයෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලිඳු පානදුර නිලංග යන දෙදෙනා අතර පවතින විරසකය හේතුවෙන් එම වෙඩි තැබීම් සිදුව ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදී ඉඳලා පාතාලයට මෙච්චර හයියක් ඇවිත් තියෙන්නේ පසුගිය ආණ්ඩුවල ඉහළම තැන්වලින් ලොකු හයියක් ලැබුණු නිසා කියලා පැහැදිලියි. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ නායකයෝ හුඟක් පරිස්සම් වුණොත් හොඳයි. මේ මිනීමරුවන්ට ඕනෑම අපරාධයක් කළ හැකියි...
වෙඩි තැබීම් ගණන් කර කර ඉන්නේ නැතුව අනවසර ගිනි අවි ළඟ තබා ගැනීම සහ භාවිතයට දැඩි දඬුවම් දීමට නීති සම්පාදනය කළ යුතුයි. අපි කොපමණ කිව්වත් බලධාරීන් ඊට කැමැති නැති හේතුවත් අපි නොදන්නවා නොවේ. පාතාලය රජ වෙන එක වළක්වන්න බෑ...