
(අංජුල මහික වීරරත්න)
රටේ වැඩ කරන දේශපාලනඥයාට වඩා බොරු කියන පච කියන දේශපාලනඥයන්ට තැනක් තියෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලංකාව දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට නිවසේ ආර්ථිකය කඩා වැටී දශලක්ෂ ගණනකගේ ජන ජීවිත මහපොළවට ඇද වැටෙමින් තිබෙන්නේ යැයි කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන හඳුගල විජයාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත කිරීමේ උත්සවයේදීය.
රට දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් විදේශ සංචිත පවා අඩුවෙමින් යන බව කී විපක්ෂ නායකවරයා අපනයන ක්ෂේත්රය පවා දියුණු වීමේ වේගය අඩු වීම නිසා එදා ආරම්භ කළ ඇගලුම් කර්මාන්තශාලා වැසී යන බව සඳහන් කළේය.
මේ නිසා තරුණ තරුණියන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවත් මෙයට ඇති ප්‍රධානම හේතුව ආයෝජක හිතකර පරිසරයක් රටේ නැති වීම බවත් ප්‍රේමදාස මහතා කීය.
දැන් රටට ලැබිය යුතු සෘජු විදේශ ආයෝජන පවා රටට අහිමි වෙමින් පවතින්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා ඇත්ත කියපු නිසා වෙන්ඩැති දෙපාරක්ම ඉල්ලලා ජනාදිපති වෙන්න බැරි වුනේ.? බලලෝබි බඩගෝස්තරවාදී දේශපාලුවෝ කියපු ටොම්පච වලට ජනතාව රැවටුණු කාලේ දැන් ඉවරයි.
ඔබ තරම් පච කෙලිය දේශපාලකයෙක් අප දැකලා නැහැ, ඔබ කිව්ව මේ රජය බලයට පැමිනියොත්, බුදු දහමේ අවසානය කිව්ව, ගෙවල් දෙකක් තියෙන අයගේ එක් ගෙයක් රජයට ගන්නව කිව්ව, බැංකු ගිනුම් වල තැන්පත් මුදල් ගන්නවා කිව්ව, එක වාහනයයි එක් අයෙකුට තියාගන්න පුලුවන් කිව්ව. මේ ආන්ඩුව කියපු හුගක් දේවල් ඉටුකළා... මේ කරදර මැද, ජනපති අරමුදල ජනතා සේවයට යෙදෙව්වා, ඇමැති බංගලා නැතිකලා, අවුරුදු 5 විශ්‍රාම වැටුප නැතිකළා... ඇමැති මන්ත්රිලාට දුන් වාහන පර්මිට් නැතිකළා, ඔවුන්ගේ ජීවිත රක්ෂණ අඩුකළා. තෙල් දිමනා අඩුකලා, අප දන්නා පරිදි නිදහසින් පසු පැමිණි කිසිම රජයක් මේ විදියට අවුරුදු දෙකකට අඩු කාලයකදි මේ විදියට පොරොන්දු ඉටු කලා කියලා, දිට්ටා කුන අටුව, මැද පෙරදිග යුධ තත්වය යටතේ ඔවුන් කටයුතු කරන අයුරු ප්රසංසනියයි෴
අනේ බන් මේවට උත්තර දෙන්න ඕන කටින්නෙමේ හොදට තෙල්ගාලා කසයක් හදා ගන ඔය කටවල් වලට. ඔලුවටයි දෙන්න ඕනෑ... රත් වෙන්න. මෙයාට මේ තරම් ඉක්මනට පසුගිය කාලය අමතක වුණු හැටි. ගොන් නාම්බෙක්. විපක්ශ නායක. රටේ හොද දන්නෙත් නැහැ නරක දන්නෙත් නැති මෝඩයා මෙයාගේ මල්ලි නාමල් බේබි. කොහොමද දෙන්නා ජනපති අගමැති කෙරුවා නම්... තකට තක. ඇත්තමයි නුගත් මෝඩයින් ඉන්නේ ලංකාවේ මේ වගේ අය වෙන රටවල ඉන්නේ මොලේ වැඩුනේ නැති දරුවන්ගේ ආයතනවල සුලු සුලු වැඩ දෙනවා කරන්න. මේ දෙන්නත් ඒවගේ. උබලාගේ දෙමව්පියෝ මේ රට බන්කොලොත් වෙන්කම් හොරකම් කරලා කරලා තොපි ඉල්ලන හැමදේම දීලා. තවත් අසරණ දුප්පත් දරුවන්ගේ දීමනා සේරම නතරකරලා. මුන්ට දුන්නා මුන්ගෙන් මොකක්ද රටට තියෙන සෙත...? මුන් දෙන්නාව රටින්ම එලවන්න ඕනෑ. අපේ රට තවමත් හැදිලා නැත්තේ. නීතිය පැත්තෙන්...
ඇති යාන්තම් දැන්වත් තේරුම් ගත්තා... අපි නම් ඕක දන්නේ 1948 ඉදලා...
තමුන් වගේ බොරු කියන මිනිහෙක් ලෝකයේම නැහැ. තමුන්ගේ තාත්තාගේ පිලිමේ ඉදිරියේ කිව්ව මේ සජිත් එ ජා ප සමග එකතුවෙන්නේ නැ කියලා, දැන් ගිය මාසෙ කියනවා මම එජ ප සමග එකතුවෙනවා කියලා...
විපක්ෂ නායකකම ගන්න පච ලෝඩ් කීයක් බෑවද? වාසගම ඇර මොනම පුහුලක්වත් නැති මේ ගොයියා වොයිස් කට් දෙයියා.