(අංජුල මහික වීරරත්න)
රට පත්ව තිබෙන මේ දැවැන්ත අර්බූදයෙන් ගොඩගැනීම අගමැතිකම ලබාගෙන කළ නොහැකි බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විධායක ජනාධිපතිවරයාගේ බලතල අවශ්‍ය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කඩා වැටී තිබෙන රට ගොඩනැගීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පියවර ගත යුතු බවත් ඒ සඳහා මූලිකවම කළ යුත්තේ ජාතික එකඟතාවයක් ඇතිකරගැනීම බවත් එජාප සභාපතිවරයා පෙන්වා දුන්නේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ රටේ උද්ගතව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව අද (05) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
රට ගොඩගන්න පුලුවන් නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා බවත් කී එජාප සභාපතිවරයා ජනතාව පත්ව ඇති අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පාර්ලිමේන්තුව මෙන්ම විරුද්ධ පක්ෂයත් අසමත් වී තිබෙන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුසෙට පිස්සුද ලොක්කො මොළයක් තිබේද පරීක්ෂා කරගන්නවා වත්මන් තත්වයෙන් රට ගොඩගන්න සිටින කෙනා රනිල් වුනත් එහෙම කලොත් එජාපය නැත්තටම නැතිවී රාජපක්ෂලා සදාකාලික වීමට ඒක හේතුවක් වෙනවා 88-89 කාලයේ එජාප පාක්ෂිකයන් විනාශ කල එවුන්ට බලයට එන්න පාර කපන්න එපා මිනිහෝ.එජාපය විනාශ කරන්න එපා.චන්දයක් තියලා මිස ආණ්ඩුවට මුක්කු ගහන්න එපෝඕඕඕඕඕ,අපිට මතකයි යහපාලනය කාලයේ තමුන්නැහැ ඇවන්ගාඩ් කාරයා රකින්න කල දැගලිල්ල.එජාපය නැත්තටම නැතිකිරීමේ වගකීමක් තමුන්නැහෙට අනිවාර්යයෙන් පැවරෙනවා
තොට පිස්සුද බුරැවෝ. පස් වතාවක් අගමැතිවෙලා රනිල් කරපු දෙයක් නෑ. මහින්දලගේ හොරකම් හංගන්ඉන්න උදවු කලා. 225 ම පන්නලා අලුත් කන්ඩායමකට රට බාර දෙන්න ඕනෙ
ඒක නම් සැබෑමයි. සියලු විධායක බලතල සහිත ජනාධිපති කම ඕනමයි. දුන්න ගමන් ෂවලක් අරගෙන එතුමා රට ගොඩදාගෙන ගොඩ දාගෙන යන අපූරුව මට නිකම් මැවිලා මැවිලා පෙනේ. මෙපමණ කලක් බලයේ ඉන්නවිට එතුමා අතේ ෂවලක් තිබී නැත. ඒ නිිසා රට ගොඩ දැමීමට නොහැකි වී ඇත.
පක්ෂ දේකේම අය වපුරන්නේ මේ බොරුවම තමයි හැබෑවටම රටට ආදරේ ඇති වංචාවෙන් දූෂණයෙන් තොර රටහැදීමට සුදුසු වැඩපිළිවෙලක් ඇති නායකයන් තෝරාගැනීමට ශ්‍රීලංකා මාතාවට අවස්තාව ලැබී ඇත.
පක්ශේ ගොඩ දාගන්න බැරි එකා කොහෙද ඕයි රටක් ගොඩ දාන්නේ...සමයන් කතා නොකියා ඉන්නවා...
රට කන්න උදවු කරපු එකෙක් තමයි මූත්, ගහපිය
ඔබේ ප්‍රකාශය 200% සත්‍යයි..! රට කරන්න වසර ගණනාවක්ම අත්දැකිම් ඇති එකම උගතා රනිල් පමණය. අනිත් අය තොප්පිය මාරු කරකර සීනු නාද කිරීම පමණය ඔවුනට පුලුවන.. වැඩ බැරිය!
මෙයා දවල් හීන දකිනවා? එයා හංගපු ඩොලර් එලියට ගනීද?
කලින් ගොඩගත්තුටික හොදටම ඇති.