(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .
රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්, ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත් ,එම පක්ෂයේ අදහස වී ඇතැයි ට දැනගන්නට ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අතිබහුතරය එම අදහසේ සිටින අතර ,ආණ්ඩුවෙන් යායුතු බවට අදහස් දක්වා ඇත්තේ එක්කෙනකු දෙන්නකු පමණක් බව ද ආරංචි මාර්ගවලින් පැවසේ ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ තවදුරටත් එක්ව කටයුතු කරනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් ගියත් නැතත් දෙකම එකයි... රටට වැඩක් නැති කණ්ඩායමක්...
අන්න මිනිස්සු? රණ්ඩු වෙවී ඉන්න යන්න එපා... සිංහලයා බෙදී ගියොත් වාසිය ගන්නේ සුළු ජාතිකයින්. සුළු ජාතිකයින් ආණ්ඩුවට සම්බන්ධ වෙලා තිබුණා නම් මේ වෙලාවේ කොහොම හිටීද? ඒත් ගෝඨාභය ගෙන් රටෙන් 2/5 ලැබෙන්නේ නැහැ. අනුර, සජිත්, රනිල්ගෙන් ගනීවි.
එහෙම ගියොත් පාස්කු ප්‍රහාරයට හිරේ දාන නිසා, දැන් බොරු ආදරයක් ආණ්ඩුවට පෙන්වනවා.
ෆයිල් ටික පෙන්නන්න ඇති මගෙ හිතේ...!
ගිහිල්ලා කොහේ යන්නද? එහෙම වුණොත් අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ... කොහොමත් නුඹලාත් එක්කම ඔය ඔරුව මුහුදුබත් වෙනවා යහපාලනය කාලේ ඕකේ නායකයා කරපු පව් ගෙවන්න වෙනවා..
ලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේම නැහැ. ලැජ්ජා නහරේ කපලා වගෙයි පේන්නේ.. බනින බැනිල්ලේ හැටියට හා නෝන්ඩි වෙන එකේ හැටියට ඒකෙත් සීමාවක් තියෙන්නට ඕනෑ. ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්තේ, ශ්‍රීලනිපයට තනිව මහජන මතයක් ගොඩනැගීමට නොහැකි නිසයි. එසේ පුළුවන් කමක් තිබුණා නම්, මෙලහකටත් ගිහිල්ලා. ජනතාවට මේ බොරු බයිලා වලින් වැඩක් නැහැ. කාට කාටත් මෙදා පොටේ ජනතාවගෙන් බඩු හම්බවේවි. ඉන්ධන පෝලිමක අය කියන දේවල් ඇහුවාම, යථාතත්වය අවබෝධ කරගත හැකියි.
දේශපාලනය කරන ඔක්කොම එකයි. සේරම වලපල්ලට යන්න ඕනෑ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නෑ. එහෙම වුණොත් මෛත්‍රිපාලට වෙන්නේ හිරගෙදර යකඩ කූරු ගණන් කරන්න. නිකන් රටේ ජනතාව රවට්ටන්න එපා....
පව්, විමල් කල්ලිය තනි වුණා. එදා මහින්දට ආප්ප කාලා දුන්නු පාඩමුත්, 2015දී එක්සත් ජාතික පාක්ෂික ඡන්දෙන් බලයට ඇවිත්, ඔවුන්ටත් පයින් ගහපු වැඩත්, දැන් විමල්ටත් වුණා.
රටට හෙණ ගැහුවත් මෙයාලට කමක් නැහැ. ඔයාලාට හෙණවදින දවස වැඩි ඈතක නැහැ.