(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව අද සතුටු විය යුතු බව පැවසූ වෙල්ගම මහතා මේ ණය මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය.
වෙල්ගම මහතා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.
කුමාර වෙල්ගම මහතා මෙසේද සඳහන් කළේය.
මේ ජයග්‍රහණය ගැන මම ජනාධිපතිවරයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම විපක්ෂය විදියටත් අපි සන්තෝෂ වෙන්න ඕන. මේ යෝජනාවට මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. මොකද අපේ රට වැටිල තියෙන්නෙ. අපි හැමදාම හොරු හොරු හොරු කියනවා. අල්ලන හොරෙක් නැහැ. හොරු නම් දෙපැත්තෙම ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු තිහක් ඉන්න මිනිහෙක් හැටියට මම මේ කියන්නේ. ඔය කියන හොරු අල්ලන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඔක්කොම දිගටම අහුවෙනවා. තවත් දෙයක් කියන්න ඕන. අද ඒ හොරුන්ගේ සල්ලි මේ රටේ නැහැ. අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළට සහයෝගය දෙමු.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ගන්න බැහැ කියලා රටේ ගොඩක් අය කිව්වා.නොයෙකුත් තර්ක විතර්ක ගෙනාවා. විපක්ෂයත් ගෙනාවා.නමුත් ජනාධිපතිතුමා ඒ මුදල් ගෙනල්ලා තියෙනවා. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. රට ගොඩ දාන්න පොඩි දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තං මේ ඉන්න නාකි මල හැත්ත වෙනුවෙන් නෙවෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’මේ නාකි මල හැත්ත ගැන නොවෙයි දරුවන් ගැන කතා කරමු’’
කිරිපුතා Wednesday, 22 March 2023 11:23 AM
මෙයා ගැන වැඩි විස්තර දන්නෙ නෑ. කියපුු කතාව නම් හොඳයි
Dinesh Wednesday, 22 March 2023 12:24 PM
වෙල්ගමගෙත් කට විතරයි වැඩ නෑ.
fairoos Wednesday, 22 March 2023 12:28 PM
අනේ නිකං කවාරු විතරයි..ඔක්කොම හොරු නිස තමයි බය ලැබුනු නය ටිකටත් කෙලවිල යයි කියල.
jagath liyanage Wednesday, 22 March 2023 12:44 PM
වෙල්ගම මහත්තයා නම් තරුණ කොල්ලා
ravinWednesday, 22 March 2023 01:00 PM
නැතුව නැතුව ,පහුගිය කාලේ අහවලීගේ නමින් කොච්චියකුත් නම් කලේ