
(විමුක්ති එස් රුද්‍රිගු)
මා තවමත් වෙනසියුලානු ජනාධිපති. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවන්ට මා නිවැරදිකරු යැයි ඇමෙරිකාව අත්අඩංගුවට ගත් වෙනසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ මැන්හැටන් ෆෙඩරල් අධිකරණ විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් ඉදිරියේ ප්‍රකාශ කළේය.
කිසිවකුත් තමාට තිබෙන චෝදනා පිළිබඳව පැහැදිලි නොකර බවත් ඇමරිකාවේදී තිබෙන අයිතිවාසිකම් පිළිබඳව දැනගත්තේ විනිසිරුවරයා පැහැදිලි කළ පසුව බවත් මදුරෝ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
තමන්ව ඇමරිකානු හමුදා වෙනසියුලාවේදී පැහැරගෙන රැගෙන ආ බවද ඔහු පැවසුවේය.
එහිදී වෙනිසියුලානු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ මදුරෝ සියලු චෝදනාවන්ට නිවැරදිකරු බවයි.
නිකලස් මදුරෝගේ බිරිඳ වන සිසිලියා ෆ්ලෝරස්ද අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන් වෙනිසියුලාවේ ජනාධිපති ආර්යාව බවත් සියලු චෝදනාවන්ට නිවැරදිකරු බවත්ය.
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ මෙට්‍රොපොලිටන් රැදවුම් මධ්‍යස්ථානයේ සිට දැඩි ආරක්ෂා සහිතව අධිකරණ භූමියට රැගෙන ආ අතර මදුරෝ සහ ඔහුගේ බිරිඳ ප්‍රථම වරට එරට වේලාවෙන් පස්වරු 12.01 ට විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් ඉදිරියේ පෙනී සිටියහ.
එහිදී විනිසුරුවරයා මදුරෝ සහ ඔහුගේ බිරිඳට එල්ල වී ඇති චෝදනා කියවා දුන් අතර තමන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට කැපවී සිටින බවද ප්‍රකාශ කළේය.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ කෙටි වේලාවකට මිනිසුරුවරයා ඉදිරියේ පෙනී සිටියත් එම පෙනී සිටීම මදුරෝට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩුවක් විභාග කළ හැකි ද යන්න පිළිබඳව සිදු කෙරෙන දීර්ඝ නීතිමය අරගලයක මුල පිරීමක් විය.
වෙනසියුලානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ඇමරිකාවේ සාමාන්‍ය විත්තිකරුවකුට ලැබෙන හිමිකම් තිබෙන බව ඇමරිකානු පාර්ශ්වය අධිකරණයේදී ප්‍රකාශ කළේය.

COMMENTS
ඇමරිකන්කාරයා ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් එකම ලොකු දෙයක් !
තෙල් නිදි කොහෙද තියෙන්නේ? එහෙට ඇමරිකාව පහර දෙනවා.