
(අංජුල මහික වීරරත්න)
මේ වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ තිහක් පැමිණේ යැයි අපේක්ෂා කෙරෙන බැවින් නව හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මාලදිවයින් ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් පවතින බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය.
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
මාලදිවයිනේ JEN Maldives Malé හෝටලයේ පැවති මෙම ව්‍යාපාරික සංසදයෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකාව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තයන්හි ආයෝජන සඳහා ඉහළ විභවතාවක් සහිත රටක් බව පෙන්වා දෙමින් මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාවට මෙරට ආයෝජනය සඳහා ආරාධනා කිරීමය.
මෙහිදී මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා සහ හැකියාව පිළිබඳ අවධාරණය කළේය. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර සහයෝගය තුළින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගෙන ඇති බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වත්මන් ශ්‍රී ලංකාවෙහි ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නේය.

2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’මේ අවුරුද්ද ලංකාවට ජය වෙයි- හෝටල් හදන්න එන්න’’
sene Friday, 01 August 2025 08:19 AM
හදන එක කෙසේවෙතත් කඩන්නනම් පොරේ හා