
(අංජුල මහික වීරරත්න)
ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉදිරි වසර දෙක හමාර තුළ දිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඒකක ඉදිකර මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව ද අමාත්‍යවරයා කීය.
මෙරට ජනතාවට වර්තමානයේ දී ලබා දෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලෙස ඉදිරි කාලයේ දී පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රුස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd