(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි යැයිද කී වීරවංශ මහතා තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් "මට මගේ රාජ්‍ය ඕනෑ" යැයි පැවසීය.
ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ නැති නැති නමුත් රාජ්‍ය බිඳ වැට්‍ටවීම සඳහා මහජන පීඩනය අවභාවිතා කරමින් සිටින බවද වීරවංශ මහතා කීය.
මොන බෙිද තිබුනත් තීරණාත්මක මොහොතක රාජ්‍ය රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයෙන් රාජ්‍ය ගලවා ගත යුතු බවද එන එන මිනිහා ගෝ හෝම් කියන්න කාටවත් යුතු කමක් නැතැයි ද විමල් වීරවංශ මහතා පැවසීය.
ගෝඨා ගෝ හෝම් කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉඩ දෙන්නේ නැද්දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.
රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී දැයි ප්‍රශ්න කළ වීරවංශ මහතා ලංකා හමුදාවේ සාමකාමී දියුණු කම නිවට කම කියා හිතන්න එපා යැයි පැවසීය.
පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද රූපවාහිනියට බලෙන් රිංගලා, කලබල කරලා, වවාගෙන හිටිය රැවුල අතගගා මුහුණ පෙන්නාගෙන කොණ්ඩේ වවාගෙන වීරයින් වගේ නටපු කෙනා ලස්සනට රැවුලයි, කොණ්ඩෙයි කපලා අඳුනගන්න බැරිවෙන විදියටම ඩුබායි යන්න ජැන්ඩියට ප්ලේන් එකේ ඉඳඟෙන ඉඳලා අහුවුණු හැටි..!
ඩොලර් වලින් නැටවෙන ngo කුක්කන් හා අනුගාමික කුඩ්ඩන්ගෙන් අරාජිකත්වය මිස වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? අරගලය දැන් තනිකරම ත්‍රස්තවාදයක්..!
මෙයාට ගොඩක් දේවල් පොරොන්දු වුණා නේද?
නවත්තපු කෑම අරඹා ඇත.. වැඩි ඈතක් නැතිව නඩුටික ඉල්ලා අස්කර ගනියි වගේ...
පාර්ලිමේන්තුවේ ඉන්න ටිකවත් එකාට එකා නෑනේ... ඉතින් අරගලය කියාගෙන එන NGO, කොටි ඩයස්පෝරාව, බටහිර බලවේග පාලනය කරගන්නේ කොහොමද?
කොටළුවෙක් ගිය උඩක්...!
එහාට මෙහාට පැන පැන රට කනවා... හෙණ වදින දිනේ වැඩි ඈතක නොවේ...
ඔව් මට දැන් පෙනී යනවා වීරවංශ බලුවංශ වෙලා නගුට ගහගෙන රනිල් රාජපක්ෂගේ මේසෙ යට ඉඳුල්කන යුගයක් උදාවෙමින් පවතිනවා.
තමුන් කවුද කියලා දන්නෝ හොඳාකාරවම දනිති. අනුන්ට මඩගහනවා...!
කාලෙකට පස්සේ විමල් වීරවංශගෙන් සාධාරණ ප්‍රකාශයක් කෙරුණා...
ඔහෙට කලින් අපි ඕක තේරුම් ගත්තා. ඒකයි අපි අරගලයට විරුද්ධ වුනේ...!
මගේ නෝනගේ නඩුව ගොඩදාලා දෙන්න රනිල් සර්... මෙහෙ අධිකරණය හරිම ස්වාධීනයි...
මෙයාගේ කටට තාම හරියට ශොට් එක ලැබිලා නෑ වගේ...!
මුල අමතක කරන්න එපා. රාජ්‍ය දේපළ විනාශ කරපු අතීතයක් ඔබටත් තිබේ...
තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...!
තමුන්ගේ කෙනා ආවෙනෑ... ඔවුනුත් අද අරගල කරුවන්... දැන් ඔවුන්ට පතබානවා...