(රංජිත් රාජපක්ෂ සහ ගයාන් සූරියආරච්චි)

නුවරඑළිය සංචාරක හෝටලයක් තුළදී භෞත චිකිත්සකවරියක් ඝතනය කර සැඟව සිටි සැකකරු සහ සැකකරුගේ නීත්‍යානුකූල බිරිද අද අලුයම යාපනයේ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් බව නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.

සැකකරු සහ ඔහුගේ බිරිද වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා ගමන් ගන්නා සුඛොපබෝගි බස් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ ජි.පී.එස්. තාක්ෂණය පරික්ෂා කරමින් බස් රථය යාපනයට ළඟ වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බව එම නිළධරියා කියා සිටියේය.

ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ඇත.

​අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ එක් දරුවකුද සිට ඇති අතර, පොලිසියට කට්ටිපනිමින් පලායාම සඳහා ඔවුන් සූක්ෂ්ම ලෙස වෙස්වලාගෙන සිටි බව පොලිසිය පවසයි.

සැකකරුගේ බිරිය මුස්ලිම් කාන්තාවක ලෙස හැඳ සිටි අතර සැකකර තොප්පියක් සහ මුහුණු ආවරණයක් (Mask) පළඳා සිට ඇති බව වාර්තා වේ.

සැකකරුට දරුවන් තිදෙනකු සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, පලායන අවස්ථාවේදී ඔවුන් සමඟ සිට ඇත්තේ එක් දරුවෙකු පමණි.

යාපනය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු, ඝාතනය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා තෙල්දෙනිය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.