IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


භාවිතා කළ වාහනවලට වැට් ගැසීමෙන් කළුකඩ වෙළඳපොළක්

භාවිතා කළ රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයිසිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්ය.

නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීමහේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැලකිය යුතු මට්ටමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටීම, CMTAහි කනස්සල්ලට හේතු වී තිබේ.  අලුතින් පනවා ඇති වැට් බද්ද හේතුවෙන්, මෙම නීත්‍යනුකූල සමාගම් වාහන අලෙවි කිරීමේ දී, අමතර සියයට 18ක අගයකින් මිල ඉහළ යයි.

එසේම මුදල් ගනුදෙනුවල නිරත වන සදාචාර විරෝධී සමාගම් සහ පුද්ගලයන් ට මෙම අතිරේක බද්දෙහි බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය හැකි අතර, ඔවුන් ට මෙම සියයට 18ක බදු ඉහළ යාම සැලකිය යුතු තරඟකාරී වාසියක් ලබා දෙයි. නීත්‍යනුකූල සමාගම්වලට බරපතළ තර්ජනයක් ඇති කරන මෙම තත්වය කළු කඩ වෙළඳපොළතරඟකරුවන් හමුවේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි.

මෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස භාවිත කළ වාහන අලෙවි කිරීම කළු කඩ වෙළෙන්දන් වෙත යොමු වන අතර එම වාහන මත වැට් බදු එක් කිරීමෙන් අපේක්ෂිත ආදායම ලබා ගැනීමට රජය අපොහොසත් වනු ඇත.සැබෑ ගනුදෙනු හෝ ගනුදෙනුවල ලාභය බලධාරීන්ට හෙළි නොකිරීම නිසා ආදායම් බදු හෝ වෙනත් සෘජු බදු මෙම කළු කඩ වෙළෙඳුන්  නොගෙවීම මීට හේතුවයි.

ඉහත කරුණුවලට අමතරව නීත්‍යනුකූල සමාගම්වලට, භාවිත කළ වාහන ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවන බැවින්  එම සමාගම්වලින් රජයට මෙතෙක් ලැබෙමින් තිබූ ආදායම් බද්ද පවා අහිමි වනු ඇත.

 “මෙම තත්ව‍යෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් කළු කඩ වෙළෙඳුන් මේ වන විටත් මෝටර් රථ සහ යතුරු පැදිවල මිල ඉහළ දමා තිබේ.ඉන් තව තවත් පීඩනයට පත් වන්නේ මෙරට මහ ජනතාවයි.  අඛණ්ඩව වසර 04කට අධික කාලයක් පුරා වාහන ආනයනය  අත්හිටුවීම හේතුවෙන් වාහන මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ.

වැට් බද්ද හේතුවෙන්  මෙරට ජනප්‍රිය වාහන අතරින් එකක් වන Suzuki Wagon R සඳහා නීත්‍යනුකූල සමාගමකට අමතර රුපියල් මිලියනයක මුදලක් අය කිරීමට සිදු වේ. මෙය සාමාන්‍ය පාරිභෝගිකයකුට දරා ගැනීමට අපහසු අගයක්.  එසේම  බොහෝ දෙනෙක් මිල දී ගන්නා Honda Dio ස්කූටර් වැනි යතුරු පැදි සඳහා පවා අමතර රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට නීත්‍යානුකූල සමාගම්වලට සිදුව තිබේ.

CMTA  ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනාව පිළිබඳව පෙන්වා දෙමින් CMTA හි සභාපති චාරක පෙරේරා මහතා මෙසේ සදහන් කළේය. “වාහනයේ ලාභ ආන්තිකය මත පදනම්ව වැට් බද්ද අය කරන ලෙස අපි රජයට යෝජනා කරනවා. එසේ  කිරීමෙන් වාහනවල විශාල මිල වැඩි වීමක් සිදු නොවන අතර, නීත්‍යනුකූල සමාගම්වලට අපහසුවකින් තොරව තම ව්‍යාපාර කර ගෙන යාමට හැකියාව ලැබෙනවා.

එසේම රජයට භාවිත කළ වාහන අලෙවිය හා වැට් බද්දෙන් ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබෙනවා. මෙම ගැටලුවට නිසි අවධානය යොමු නොකළ හොත්, වාහන ආනයනය අත් හිටුවීම නිසා 15,000කට අධික ගණනකට  රැකියා අහිමි වී ඇති මෝටර් රථ කර්මාන්තය තුළ තවදුරටත් රැකියාඅහිමි වී යාම සිදු විය හැකියි.



අදහස් (0)

භාවිතා කළ වාහනවලට වැට් ගැසීමෙන් කළුකඩ වෙළඳපොළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site