
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (5) පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වන බව භානුක දැනුම්දී ඇති බවයි.
භානුක විදේශ රටක ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න නම්බුකාරකම රැකගත්ත එකම රාජපක්ෂ මෙයා විතරයි කියලා සමහරු කියනවා. ඒ මොකද කියලා මම මේ දස අතේ කල්පනා කරන්නේ...
අපට තිබුණු ලොකුම සම්පතක්... දුකයි..
දක්ෂ මොලකාරයින් වගේම දක්ෂ ක්‍රීඩකයෝත් රට හැර යනවා. එ්ත් ඉතින් අපිට බයවෙන්න දෙයක් නැහැ. මොකද හැමදේම පුළුවන් දේශපාලු ඔස්තාර්ලා ටික ඉන්නවනේ...
අපරාදෙ... තව කාලයක් ටීම් එකේ ඉන්න ඕනෑ කෙනෙක්.. මොනවා කරන්නද? මෙයා හිටියොත් බිංදුවතී හා කුරුස මල්ලිට ටීම් එකේ තැනක් නැති වෙනවානේ...
කිලෝ මීටර් දෙකක් දුව ගන්න බැරුව සමුගන්නවලු. අර චමින්ද වාස් කිසි ගින්නක් නැතුව තවමත් නියම වෙලාවට කි.මී. දෙක දුවනවා.
සමුගත්තා කියලා ලොකු අවුලක් වෙන එකකුත් නැ. කොහොමත් ටීම් එකේ ප්ලෙස් එකක් ශුවර් නැ මෙයාට. චරිත්, කුසල් , අවිශ්ක, දනුශ්ක ,නිස්සංක ,දනා, ඔසද, කුසල් M, ඇන්ජි, වගේ ප්ලෙයර්ස්ලා නිසා තරගය වැඩි වෙලා තියෙන්නේ.
රාජපක්ෂ කෙනෙකුට එපා වෙච්ච පළමු අවස්ථාව;
මේ තීරණය ඉක්මනින්ම වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ටීම් එකේ හිටපු දක්ශම ප්‍රහාරකයා.. ඕනෑම වෙලාවක ඕනෑම පන්දුවකට හයේ පහරක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ගොඩක් අය ආදරය කල ක්‍රීඩකයෙක් . කරුණාකරලා තමන්ගේ රට වෙනුවෙන් නැනැවත සිතා බලන්න
මම ආසම ක්‍රීඩකයා.
සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගමනාන්තය ඕස්ට්‍රේලියාවයි.
ඕනෑම ක්‍රීඩාවකට ශාරීරික යෝග්‍යතාවය වගේම දක්ෂතාවයද අවශ්‍ය වෙනවා. ශාරීරික යෝග්‍යතාවය පමණක් තිබුනත් දක්ෂතාවය නොමැති නම් හොඳ ක්‍රීඩකයෙක් වන්නේ නැහැ. ශාරීරික යෝග්‍යතාවයට නීති රීති එක් කිරීමෙන් දක්ෂතා ඇති ක්‍රීඩකයන් මෙලෙස කැපී යාම සුදුසු නොවේ. ශාරීරික යෝග්‍යතාවය තිබෙන්නේ ක්‍රීඩකයන් සඳහා වූවත් ක්‍රීඩකයන් සිටින්නේ ශාරීරික යෝග්‍යතාවය සඳහා නොවේ.
සල්ලි මත්තේ නැහුණොත් පුතේ අනික් රාජපක්ෂලාට වුණු දේම වෙන්නට පුළුවන්. අර අහිකුණ්ඨකයාගෙයි, නයාගෙයි කතාව වගේ. නයා හිතනවා මම නිසා තමයි අහිකුණ්ඨිකයා සල්ලි හොයන්නේ කියලා. නයා තනිවම නටන්න ගිහිල්ලා නිකන් මිනිස්සුන්ගෙන් මැරුම් කෑවා මතකයිනේ... අමතක කරන්න එපා භානුක කියන නම දැනගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිසා කියලා...
රාජපක්ෂ නම ගෑවිච්චි ඔක්කොම දේශපාලන හාල්පාරුවන් ටික මේ ලංකාව කියන ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා නම් රටට හොඳ කලක් යාවි...
ඉතාම හොඳ තීරණයක්... ශ්‍රී ලංකා ක්‍රිකට් කාලම තමයි මේ අය පස්ස බලන්නේ.
රටේ වැඩකට ඇති එකම රාජපක්ෂ....
උපුටා ගැනීමක් "මේ අස්වීම පිටුපස "බෝන් අගේන් කල්ලියක ප්‍රකෝටිපති පාස්ටර් වරයෙකු" ඉන්නවා කියන්නේ ඇත්තද? කලක පටන් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම පාස්ටර්වරයාගේ අනුගාමිකයන් බවට පත්ව තිබෙන බවත්, මෙම පාස්ටර්වරයා විසින් 2022 වසර භානුකට හරි යන්නේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පමණක් යැයි උපදෙස්දී ඇති බවත් ඒ අනුව භානුක ළඟදීම ඇමෙරිකාවට යන්නට තීරණය කර ඇති බවත් කියනවා." උපුටා ගැනීම අවසන්...