(අංජුල මහික වීරරත්න)
ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් වෙතියි ද එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකසන ලෙස ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ නිසා භූතයා සහ සුනාමි නම් වලින් හඳුන්වන සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධව වහාම අධ්‍යයනයක් සිදු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේය.
එම යන්ත්‍ර වලින් පැසුණු ගොයම් කපන විට වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව වාර්තා වී තිබේ.

එමනිසා භූතයා හා සුනාමි යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙලන විට අස්වනු හානියක් නොවන්නට නම් ගොයම් කැපිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න සම්බන්ධව ගොවි ජනතාවට දැනුමක් ලබා දීමටත් පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනතෙක් භූතයා හා සුනාමි වැනි සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළීමේ දී සිදු විය හැකි අස්වනු නාස්තිය හා හානිය සම්බන්ධව කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැන්න අපතේ නොයන හොඳම එකම ක්‍රමය මිනිස්සු දෑකැතිවලින් ගොයම් කැපීම. නමුත් ඒ සඳහා යන වියදම, කාලය වැඩියි. ශ්‍රමිකයෝ හොයාගන්න අමාරුයි. මහා පරිමාණ ගොවියන්ට මේ විදියට අස්වැන්න නෙලන්න ලොකූ කාලයක් ගතවෙනවා. සුනාමි, භූතයා වැනි යන්ත්‍රවලින් අපතේ ගියත් මිනිස්සුන්ගෙන් අස්වැන්න නෙලනවාට වඩා ලාභයි. ඒ නිසා ඒ ක්‍රමවලට මිනිස්සු යොමුවෙනවා. වැටිලා තියෙන ගොයම් කපනකොට අපතේ යෑම තවත් වැඩියි..
කාබනික ගොවිතැන ගේමු...!