(දයාසීලි ලියනගේ)
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහළ දැමීමට ගත් තීරණය නිසා ස.තො.ස. වෙළඳ ජාලයේ ආදායම ඉතාම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
පසුගිය 7 වැනිදා ස.තො.ස වෙළඳසැල් ජාලයේ දිනයක ආදායම රුපියල් මිලියන 82ක් ද, 8 වැනිදා ආදායම මිලියන 96ක් ද, 9 වැනිදා ආදායම මිලියන 115ක් ද, 10 වැනිදා ආදායම මිලියන 166ක් ද වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම හොඳයි. එතකොට ලාභය කොහොමද බඩු අඩුවට දීලා...
අපේ ආර්තික ඔස්තාර් කිව්වා නම් ආයේ දෙකක් නැහැ.
මෙය හොඳ ප්‍රවණතාවක්...!!!
මාර වැඩක් නේ ඒක.. !!! බඩුමිල අඩුවෙන කොට ආදායම ඉහළ යන්නේ මොන රටේද? ඒක ඉතින් අපේ සකල සිරින් පිරි සිරිලංකාවටම ආවේණික වූ කරුණක් වගෙයි එහෙනම්.. ආචාර්ය කෙනෙක් ඔහොම කියනවා නම් ඒක විශ්වාස නොකර ඉන්නත් බැහැනේ. මේ පාර නම් 04 දෙනෙක් ඉන්න පවුලකට මාසයකට රුපියල් 2500න් කාලා ජොලියේ ඉන්න පුළුවන් වගේ..
මේ ආර්ථික ඔස්තාර්ලා හැමදාම කරන්නේ බොරුව... ලබන සුමානේ සතොස බඩු අවසන් වුණාම දෙගුණයක් මිලට සාමාන්‍ය කඩෙන් බඩු ගන්න පුළුවන්..