
(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා පැවසීය.
තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, බිත්තර, ටින් මාළු, කැකුළු සහල්, නාඩු සහල් සහ කුකුල් මස් සඳහා මෙසේ මිල පරාසයක් නිකුත් කළ බව ද සභාාපතිවරයා කීය.
මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දිගටම ඡන්ද එනවා නම්...
ඕක කල් ඉකුත් වෙච්චි නිවේදනයක්නේ...!
මේ කියන ගනන් වලට බඩු ගන්න තියේ නම් වහාම අටපට්ටමට කියන්න ඕනේ....