(සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක් එම විශ්ව විද්‍යාල අරමුදලෙන් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල මෙසේ වැය කර ඇතැයි පැවසෙන්නේ 2023 වර්ෂයේදීය
මේ අතර සම්පත් කළමනාකරණය පිළිබඳ තොරතුරු තාක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට වැය කර තිබූ රුපියල් ලක්ෂ 40ක මුදල නිෂ්කාර්‍ය වියදමක් වී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
විදේශීය පැවිදි සිසුන් සඳහා රුපියල් කෝටි අටකට වැඩි වියදමින් නිවාසිකාගාරයක් ඉදිකර තිබුණද එම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා බඳවා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.
මෙම නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ එහි සවිකර තිබූ ලක්ෂ 34 කට වැඩි විදුලි සහ සවිකිරීම් වසර හතරකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පැවැති බවද එහි දැක්වේ.
මේ තොරතුරැ සදහන් වන්නේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 2023වාර්ෂික වාර්තාවට අැතුළත් කරනු ලැබ අැති විගණන වාර්තාවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොලොත් වුණේ කොරෝනා එකටම නෙමෙයි හැබැයි. මේ නාස්ති එක්ක රටක් දිව්ව එකත් පුදුමයක්...
මෙවැනි හොරකම් කරන පාලකයන්ට පුලුවන්ද සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කරන්න. සිවුර හැද වට පිටාවට පවසන්නේ අපි සිල්වත් ගුණවත් බව ඒත් ඇත්තටම මෙවැනි ඒකාධිපති පාලකයන්ගේ ඇත්තටම තියෙන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් පාරට බැහැලා කියු කතාවල ඇත්ත නැත්ත හෙලිවෙමින් පවති.