IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ

(සමිපත් ප්‍රියනන්දන)

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ  ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවට තහවුරු විි ඇතැයි බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පවසයි.

විශේෂයෙන්ම තරැණ සහ මැදි වයසේ පසුවෙන පුද්ගයන් හෘදයාබාධ හේතුවෙන් මියයැමෙිි ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බව මෙම දත්ත අනුව තහවුරු වෙන බවද ඒ මහතා සදහන් කලේය.

තරුණ පුද්ගයන් සහ වයස අවුරුදු පනහ අඩු පුද්ගයන් අතර මතයක් පවතින්නේ ලේ පරික්ෂා කිරිම සිදු කළ යුත්තේ වයස්ගත වු පසුව බවද එම මතය වෙනස් විය යුතු බවද හදිසි මරණ පරික්ෂක වරයා පෙන්වා දෙයි.

.වයස අවුරුදු තිහට වැඩි ඔිනැම පුද්ගලයකුට හදිසියේ ඇතිවෙන බඩ පපුව දැවිල්ල, ක්ලාන්තය ,සන්කුලතා වැනි තත්වයන් ඇත්නම් අනිවාර්යයෙන්ම ලේ පරික්ෂාවක් සහ ඊ සි ජිි ( ECG) පරික්ෂාවක් සිදු කරගත යුතු බවද සදහන් කළේය.

පත්මෙන්ද්‍ර විජේතිලක මහතා වැඩිදුරටත් පැවැසුවෙිි තරුණ පිරිස සහ මැදි වයසේ පසුවෙන එනම් වයස අවුරුදු 30-50 අතර පුද්ගයන් ඉහත කියන ලද හදිසි රෝගිි තත්ත්වයන් සමග ඇති වෙන හෘදයාබාධවලින් ජිවිතය අරක්ෂා කර ගැනිම සදහා වග බලා ගත යුතු බවයි.

 



අදහස් (7)

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ

Nihal Saturday, 04 May 2024 09:39 PM

කඩවලින්ම කාපු දෙන්නෙකුගේ අවමගුලට අප මෑතදී සහභාගී වුනා,කොත්තු රොටී,බිත්තර රොටී සහ අජිනමොටෝ ව්‍යාන්ජන හරීම රසයි

:       0       0

Silva Saturday, 04 May 2024 09:53 PM

කොවිඩ් වැක්සීන් ගත්ත අය තමයි ගොඩක් ඉන්නෙ.

:       0       0

පාලිත අයියා Sunday, 05 May 2024 09:17 AM

මේ හදිසි මරණ ඔක්කොම කොරෝනා එන්නත නිසා කියලා ඇයි කියන්නේ නැත්තෙ ? අපි නම් ඔය ජරාවල් ඇඟට දාගත්තේ නෑ . දන්න හැම දෙනාම දැනුවත් කලා.

:       2       2

SarasiSunday, 05 May 2024 01:49 PM

ඒ පැත්තට ලබාදී ඇති කොරෝනා එන්නත කුමක්ද සොයා බැලීම වටී...

:       0       0

Rifan Sunday, 05 May 2024 12:06 PM

මේක අසාමාන්‍ය තත්වයක් මෙවැනි තත්වයන් ඇතිවීමට බලපා ඇති හේතු මොනවාද යන්න පැහැදිලි කරන්න. නැතුව පරික්ෂාකර බලාගන්න වගේ බයිලා කියන්න එපා.

:       0       2

Sharm Sunday, 05 May 2024 01:08 PM

ඒක සුපිරි කතාව. හෘදයාබාධ එන්නේ කැස්ස හෙම්බිරිස්සාව වගේ ද ? වග බලා ගන්න කියලා මිනිස්සුන්ගෙ කරේ ගහන්නෙ? අඩු ගානෙ මෙච්චර මරණ සංඛ්‍යාවක් හමු වෙනකොට හේතුවක් හොයන්න වගකීමක් නැද්ද? වෛද්‍ය වෘත්තිය කියන්නෙ නලාව තියලා බෙහෙත් ලියන එක විතරද?

:       0       4

sumanasiri Sunday, 05 May 2024 05:28 PM

මිනිස්සුන්ට කන්න තිබෙන්නේ අධික විෂ සහිත දේවල් ,පොල්තෙල් කවලම් ඒවා ,එළවලු අධික රසායන ද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන්නේ ,බලන්ගොඩ ටවුමේ බලන්න පුළුවන් මිනිස්සු කොච්චර කොත්තු, තෙල් සහිත කෑම මිලදී ගන්න වද කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site