
(යොහාන් භාසුර)
ආනයනික බහලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන බහලුම් 323 ක් තෝරා නිදහස් කළ බවත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහලුම් සියයට 60 ක් පමණ භෞතික පරීක්‍ෂවෙන් තොරව දෛනිකව නිදහස් කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආනයන බහලුම් 323 ක් රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පිළිබඳව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම බහලුම් නිදහස් කිරීමත් සමඟ සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට හැකි වූ අතර එමගින් ආනයනකරුවන් විශාල ප්‍රමාණයකට අඩු කාලසීමාවක් තුළ අවම වියදමකින් ආනයන බහලුම් නිෂ්කාශනය කළ හැකි වූ බව කියන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවිආයුධ, රත්රන්, සහ මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධීව මෙරටට පැමිණීමට සහ රේගු ආදායම අහිමිවීමට මෙම නිදහස් කිරීමෙන් හැකියාවක් නොමැති බවද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහාලුම් නිසි පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් දුෂිත ජාවාරම් මේ නිසා ක්‍රියාත්මකවීමට හැකිවේ හෝ මේ වනවිට ක්‍රියාත්මක වනවාට සැකයක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරම මෙතරම් වියපත් වීමට සහ මත්ද්‍රවය සොයා වැටලීම් කළද මත්ද්‍රව්‍ය නැවත නැවත මතුවීම පිලිබඳවත් සොයා බැලිය යුතුවේ. මුදල්වලට සියල්ල කළ හැකිය, නිශ්කාශන පිළිබඳ තීරණ ගන්න රේගුවේ ඉහළ කළමනාකාරිත්වය රට තුළ යම් අනතුරක් සිදු වුවහොත් ජාතික ආරක්ෂව පිළිබඳ වගකීම ගන්නේද ?
මතකද බොනිකර තරුව කිව්වා. මේවා කරන්න නායකයෝ ඕනෙද කියලා... දැන් ඉතින් හෝදපල්ලා. කෝ මේ රට පෙරට... සෙනෙවිරත්න, භද්‍රානි... එන්න, එන්න. ලොකු කුණු ගොඩක් තියෙනවා.
ජරාව කොතනද... එතැන පරීක්ෂා නැත...
ඕකට තමයි තදබදය ඇතිකළේ...