
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බහලුම් ප්‍රවාහන රථ ගාස්තු සියයට 10 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමිට යුතු බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු අනිවාර්යෙන්ම ඉහළ යන බවත් එම ඉහළ දැමීම වර්තමාන ගාස්තුවෙන් සියයට 10 කට අධික ප්‍රතිශතයක් වියහැකි බවත් එම ප්‍රකාශකයා කීය.
බහලුම් ප්‍රවාහන රථ 1300 කට අධික සංඛ්‍යාවක් එම ව්‍යාපාරයේ යෙදී සිටින බවත් එම රථ මේ වන විට ඉන්ධන පිළිබඳ ගැටලුවකට මුහුණදී සිටින අතර ඉදිරිය සතිය තුළ බහාලුම් රථ සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා එකඟ වු බවත් එම ප්‍රකාශකා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd